පාස්කු ප‍්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ පිරිසට වන්දි ගෙවන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති වන්දි නඩු 109 ක චෝදනාවලින් තමා නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ත්‍රෛිපාල සිරිසේන මහතා විසින් ගොනු කර ඇති අභියාචනාව විභාග කිරීමට බස්නාහිර පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණය ඊයේ (09 ද) අවසර ලබා දුන්නේය.
කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති වන්දි නඩු විභාග කිරීමේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි එම අභියාචනා පෙත්සම විභාග කිරීමට අවසර ලබාදීමට බස්නාහිර පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණය තීරණය කළේය.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනු කර තිබූ එම අභියාචනාව සම්බන්ධයෙන් විවාදය ජුලි 15 වැනිදා ආරම්භ කිරීමට ද ප‍්‍රෑන්ක් ගුණවර්ධන හා මහේන් වීරමන් යන විනිසුරු ම`ඩුල්ල තීරණය කළහ.
පාස්කු ප‍්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවල චෝදනාවලින් තමන් නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය ජනවාරි 07 වැනිදා ප‍්‍රතික්‍ෂේප කොට තිබූ අතර දිසා අධිකරණයේ එම නියෝගය ප‍්‍රතිශෝධනය කර තමන් සියලූම චෝදනාවලින් නිදහස් කරන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා මෛති‍්‍රපාල සිරිසේන මහතා සිවිල් අභියාචන මහාධිකරණයට එම අභියාචනාව ගොනු කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක