දැනට විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා අයගෙන් සියයට 23ක් එය භාවිතාකර නැති බව හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.එබැවින් විදේශ ගමන් බලපත්‍ර අත්‍යවශ්‍ය අය පමණක් සැප්තැම්බර් මාසය අවසන් වනතුරු ඒ සඳහා අයැදුම් කරන ලෙස ඉල්ලා සිටියි.ඔක්තෝබර් මාසයේ සිට නවීන තාක්ෂණික පහසුකම් සහිත නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන බවත් එතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දිනකට නිකුත් කරන්නේ විදේශ ගමන් බලපත්‍ර 1000ක් බවත් අමාත්‍යවරයා පවසයි.නව විදෙස් ගමන් බලපත්‍රය දැනට පවතින විදෙස් ගමන් බලපත්‍රයට වඩා ආරක්ෂාකාරී බවත් පැවසූ අමාත්‍යවරයා එය ලොව පිලිගත් විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණි ගතකිරීමේ අංක 50ට ඉහළින් පවත්වාගැනීමට පියවර ගන්නා බවත් කීවේය.දැනට පවතින විදෙස් ගමන් බලපත්‍රයට හිමිව ඇත්තේ 153වැනි තැන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.ඔහු මේ බව පැවසූවේ අද මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදීය.