පැතුම්ගේ හෝල්ට් එක… හත්වලාමයි!

597

පැතුම් රාජකාරි කරන්නට කොළඹට ආවේ ඊයෙ පෙරේදාය. අනුරාධපුරය ප‍්‍රදේශයේ ඈත එපිට පිටිසර ගමක හැදී වැඞී කොළඹට ඔහු ආවේ රජයේ කාර්යාල කාර්ය සහායක (පියන්) තනතුරක් ලද පසුවය.

කිරිබත්ගොඩට නුදුරු තැනක බෝඩිමක් සොයාගත් ඔහු එතැන සිට 154 මාර්ගයේ බස් රථයක නැඟී බොරැල්ලට යන්නට පිටත් විය. ගමක ඉපිද ගමේම හැදී වැඩුණ ඔහුට කොළඹ නුහුරුය. හා හා පුරා කියා රාජකාරියට ගියදා පාර සොයා ගත්තේද අමාරුවෙනි. හැම තැනම පාරවල්ය. ඒ මදිවාට වාහන කන්දරාවකි.

එක එක විකාර ඇඳුම් ඇඳගත් කාන්තාවන් ගෙන්ද අඩුවක් නැත. ඒ මදිවාට කොන්දොස්තරලා කෑගසා කියන තැන්ද පැහැදිලි නැත. ඔටුව කියා කෑගසති. මාර මාර කියා කෑගසති. ඒවාත් අලූත් ය. කෙසේ හෝ ඉකුත් දිනෙක පැතුම් 154 මාර්ගයේ බසයකට ගොඩවී රියැදුරු අසුන ළඟම සිට ගත්තේ පාර වරදියිදෝ කියන සැකයෙනි. දෙමටගොඩ දී තරුණියක් කෑගැසුවාය. ‘‘සමන්තා බහිනවා… සමන්තා බහිනවා’’ ඇය උස් හඬින් එසේ කියනවා පැතුම්ට හොඳටම ඇසිණි. නම කියලා බහින්න ඕන ඇති… පැතුම්ට සිතිණි. පැතුම්ගේ කාර්යාලය තිබුණේ පෙරකී කාන්තාව බැසගිය දෙමටගොඩ සමන්තා බස් හෝල්ට් එකට ඊළඟ හෝල්ට් එකේය. පැතුම්ද කොළඹ ක‍්‍රමයට අනුගත වෙමින් පැතුම් බහිනවා… කියා හයියෙන්ම කෑගසා කීවේ මුළු බසයට ඇසෙන්නට ඉඩ සලසමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment