පැන්ඩෝරා හෙළිදරව්වෙන් දේශපාලකයන්ගේ නම් හෙළි වෙනවා

513

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (05 දා) පෙරවරු 10.00 ට රැස්විය.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජිත හේරත් (ජ.වි.පෙ.)

අද ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. කොරෝනා ආර්ථිකය කඩා වැටීමට හේතුව කියලා ආණ්ඩුව කියනවා. පළමු කාර්තුවේ ආර්ථික වේගය සෘණ එකයි. අද හැම පෝලිමක්ම ආවේ ඒ නිසයි.

අද හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියන්. ගැසට් කීයක් රිවස් කළාද. අද රටම රිවස් වෙලා. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති නිසා. මාස තුනක් තිබියදී පොහොර ගෙන්වීම නැවැත්වූවා. දැන් මහ කන්නය පටන් ගත්තත් පොහොර නැහැ.

අද මුළු ජනගහනයෙන් සියයට 42 ක් දවසකට ඩොලර් 2 කට වඩා ඉපයිය නොහැකි මට්ටමේ බව මහ බැංකුව කියනවා. කෝටි ප‍්‍රකෝටි ගණන් කළු සල්ලි විසිවෙනවා. පැන්ඩෝරා ලේඛන වලින් කියැවෙන්නේ ඒකයි. අද පළමු වරට දේශපාලකයකුගේ නම් කියැවෙනවා.

මේ ලේඛනය ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතුයි. 2006 න් පස්සේ මේ ගිණුමට සල්ලි ගිහින් තියෙනවාද කියා ආණ්ඩුව ප‍්‍රකාශ කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ඒ ගිණුමට සම්බන්ධයි. මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකළ යුතුයි.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

අද අන්තර්ජාලයේ ඕනෑම චිත‍්‍රපටයක් නැරඹිය හැකියි. ජාත්‍යන්තර ටෙලිනාට්‍ය පැමිණීම නිසා අපේ රටේ කලාකරුවන් දැඩි බලපෑමකට ලක්වෙලා. ජාත්‍යන්තර ටෙලි නාට්‍ය නිසා සමාජයේ යහපතට කොපමණ බලපානවාද කියා බැලිය යුතුයි. ලැබෙන බද්දට වඩා රටට වෙන යහපත ගැන බැලිය යුතුයි.

විදේශ චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය බද්ද ගැන පුළුල් කථිකාවතක් ඇතිකර දැනට වඩා වැඩි කි‍්‍රයාමාර්ගවලට යා යුතුයි. අද නාලිකාවලින් හොඳ නිර්මාණයක් ඇතිවෙලා තියෙනවා.

මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනී රෝහිණී විජේරත්න (සජබ)

බටහිර ජැටිය අදානිට දුන්නා. රටේ සම්පත් විජාතිකයන්ට දුන්නා. ගොවියෝ ඉතා අසරණ වෙලා. ආර්ථිකය ගැන කතා කරන්නෙ කොහොමද? ජනතාවට පොහොර ටික දිය යුතුයි. කාබනික පොහොර ගැන පාර්ලිමේන්තුවේ ඇත්ත තත්ත්වය දැනගන්න රහස් ඡුන්දයක් තැබිය යුතුයි. එවිට ඇත්ත හෙළිවේවි. ආනයනික පොහොර සාම්පල් වාර්තා ටික කෝ. ඒවා ජනතාව දැනගත යුතුයි. චීනයෙන් ආනයනය කරන පොහොර යළි පරීක්‍ෂා කරන්න යනවා. කාටද මේ පොහොර ගෙන්වන්න වුවමනා වෙලා තියෙන්නේ. මේ ජාවාරමේ තරම බුද්ධිමත් ජනතාව තේරුම්ගත යුතුයි.

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

එජාප ආණ්ඩුව එදා අසාධාරණ ලෙස බදු පනවද්දී අධිකරණයටවත් ගියාද, නැහැ. ඔවුන් කඬේ ගියා. අද රටේ සුභවාදී දේ කතා කරන්නේ නැහැ. අසත්‍ය දේවල්මයි කතා කරන්නේ. ජනාධිපතිතුමා තම කාර්ය මණ්ඩලය හා වැයවන මුදල් අඩුකළා.

රටේ යහපත් දේ වැරදි ලෙසම නිරූපණය කරලා පෙන්වනවා. අනුරාධපුරේ හදන මංතීරුවට විරුද්ධ වෙනවා. එදා වත්තල මංතීරුව කඩනවිට කටවහගෙන හිටියා. ව්‍යාජ රඟපෑම ජනතාවට හෙළිවෙනවා.

අපි සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට විශාල මුදලක් වැයකරනවා. දේශීය වෙදකමට යම් වියදමක් දරනවා නම් ආයුර්වේදයට කරන සේවයක්. මුදල් වෙන්කිරීම ගැන සමහරු විවේචනය කරනවා.

ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක (සජබ)

රසායනික පොහොර එකවර නතර කරපු නිසා ගාල්ලේ තේ කර්මාන්තය විශාල පසුබෑමකට ලක්වෙලා. වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ තේ වලින්. ඒත් එය අද අර්බුදයට ලක්වෙලා. කුඩා තේ වතු හිමියන් අසරණ වෙලා. දළු මෝරලා, බරපතළ අභියෝගයක් ඇතිවෙලා. අනෙකුත් තේ අපනයන රටවල් අපේ වෙළෙඳපොළ ආක‍්‍රමණය කරමින් පවතිනවා.

වැරදි තීන්දු නිසා රටට ඩොලර් නැති මේ වෙලාවෙ ලැබෙන ඩොලර් ටිකත් නැතිවෙනවා.

එ් නිසා අනික් ගැසට් රිවස් කළා වගේ කාබනික පොහොර ගැසට් එකත් රිවස් කර තත්ත්වය නිවැරදි කරන්න.

ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනි ගීතා කුමාරසිංහ (ශ‍්‍රීලපොපෙ)

අද සිනමාව හා ටෙලිනාට්‍ය කර්මාන්තය අවසානයට දක්වමින් බදු බරක් පටවලා. පිටරටින් ගෙන්වන නාට්‍යවලට ලක්‍ෂ 5 බැගින් බදු අය කළා. හැම නාලිකාවක්ම පිටරට ටෙලිනාට්‍ය වලින් යැපෙනවා. මෙයින් ලැබුණු බදු මුදල් මේ ටෙලිනාට්‍යවල උන්නතියට යොදාගත යුතුයි. ටෙලිනාට්‍ය ආනයනික බද්ධ වැඩිකළ යුතුයි. නැතහොත් සිංහල නාට්‍ය ක්‍ෂේත‍්‍රය බින්දුවටම වැටේවි.

යොහානි ද සිල්වා තරුණ ගායිකාව අපේ රට ලෝකයට ගෙන ගියා. ඔබේ ජනපි‍්‍රයතාව දේශපාලනයට දෙන්න එපා. ඔබට ජය නියතයි.

මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බුද්ධික පතිරණ (සජබ)

මහ බැංකු වාර්තාවේ විපක්‍ෂය ගැන වැරදි කියා තියෙනවා. මහ බැංකු ඉතිහාසයේ මෙවැනි ප‍්‍රකාශන නිකුත් වී නැහැ. මහ බැංකු අධිපති කියන්නේ ස්වාධීන පුද්ගලයෙක්. අද එවැනි තත්ත්වයක් නැහැ.

පත්කළ මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය (සජබ)

විදේශීය ටෙලි නාට්‍ය තහනම් කළ යුතුයි කියලා බොහොම දෙනෙක් කියනවා. එම නාට්‍ය පෙන්වීම තහනම් කිරීම තුළින් රන්මිණිතැන්නට ඒ මුදල් ගියා. මම එහි සභාපති ලෙස හිටියා. යහපාලන රජය කාලයේ. නමුත් ඒ මුදල්වලට මොකක්ද වුණේ කියලා සොයා බැලිය යුතුයි. විදේශ ටෙලිනාට්‍ය පෙන්වීමේ බද්ද රුපියල් ලක්‍ෂය නොවෙයි ලක්‍ෂ පහ දක්වා වැඩි කළ යුතුයි. පසුගිය ආණ්ඩුව නිර්මාණකරුවන්ව අමතක කළා. මේ ආණ්ඩුව ඒ ගැන කි‍්‍රයා කළ යුතුයි.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා (සජබ)

මේ ආණ්ඩුව සහල් මිල පාලනය කරන්න ගැසට් ගණනාවක් නිකුත් කළා. නමුත් සහල්වල මිල අද නියම කරන්නේ හාල් මෝල් හිමියන්, ආණ්ඩුව ඔහේ බලාගෙන නිහඬව ඉන්නවා. කෘෂිකර්ම ඇමැති කිව්වා හාල් මිල පාලනය කරනවා කියලා. කටින් කිව්වා විතරයි. අන්න දැන් හාල් මෝල් හිමියෝ වී ටික ගන්නවා. අද බත් කන හැමෝම අසරණ වෙලා.

රාජ්‍ය ඇමැති ඞී. බී. හෙරත් මහතා

අපේ රට අද තීරණාත්මක මොහොතකයි තිබෙන්නේ. අද අපට අභියෝග රැුසක් තිබෙනවා. අපි ආර්ථිකය හරිහැටි මෙහෙයවා සංවර්ධිත රටක් බවට පත්කිරීමේ කාර්ය භාරය භාරගන්නවා කියලා කියන්න කැමැතියි.

පත්කළ මන්ත‍්‍රී ආචාර්ය චරිත හේරත් මහතා (පො.පෙ)

අපේ රටේ චිත‍්‍රපට සම්බන්ධයෙන් විශාල ආයෝජනයක් කර නැහැ. ඒ නිසා විදේශ චිත‍්‍රපට අපේ රටට වද්දගන්න එපා කියලා කියන්න බෑ. අපි ගුණාත්මක ටෙලි වෘතාන්ත නිපදවනවා වගේම ඒ සඳහා ගුවන් කාලය ලබාදීම ඉතා වැදගත්.

පොලොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කින්ස් නෙල්සන් මහතා (සජබ)

අද පොහොර නෑ. කාබනික ඒවත් නෑ. රසායනික ඒවත් නෑ. අද කෘෂිකර්ම ඇමැති කියනවා පොහොර රටේ තියෙනවාලූ. දැන් මහ කන්නය ආරම්භ වෙලා තිබෙන්නේ. ගොවීන්ට මඩ පොහොර දෙන්න. නැත්නම් ඒ ඉලක්කවලට යන්න බැරිවෙනවා. අස්වැන්න අඩුවෙනවා. අපට වගා ණය දෙන්න වේවි.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා (ශ‍්‍රීලපොපෙ)

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කලාකරුවන් වෙනුවෙන් විශාල සේවයක් කළා. දේශීය කලාකරුවන් වෙනුවෙන් වත්මන් ආණ්ඩුවත් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද සේවයක් කිරීමට පියවර ගනිමින් ඉන්නවා.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් (සජබ)

ආණ්ඩුව ආප්ප පුච්චනවා වගේ ගැසට් ගහනවා.

ගොවිතැන වෙනුවෙන් ආපු ආණ්ඩුව දෙන පොහොරවල විෂ එකතු කරලා.

අනියමින් වත්කම් උපයාගත් පිරිස අතර නිරූපමා රාජපක්‍ෂලත් ඉන්නවා. රුපියල් කෝටි 3500 ක් ගැන හෙළිවෙලා. ලාංකිකයෝ ලෙස අපට ලැජ්ජයි. මාසයකට කෝටියක් වියදම් කළත් අවුරුදු 250 ක් ජීවත් වෙන්න පුළුවන්. පරම්පරා පහක්. මෙය බරපතළ මඩ පැල්ලමක්. පකිස්තානේ අගමැතිවරයා තම රටේ අය ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මේ ආණ්ඩුවත් පරීක්‍ෂණයක් කරන්න.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා

ජනාධිපතිතුමා ඇතුළු පවුලට 2015 වගේ දිගින් දිගටම මඩ ගහන්න පටන් අරගෙන. වෙබ් සයිට් එකේ තියෙන දේවත් කියවලා නැහැ. පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා.

වින්iා අමරපාලගේ පැනමා පත‍්‍රිකා ගැන කවුරුවත් දන්නෙ නෑ වගේ ඉන්නවා. සමගි ජන බලවේග අපේක්‍ෂකයන්ට මුදල් වෙන් කරපුවා දන්නේ නැහැ.

පැන්ඩෝරා වාර්තාවේ සඳහන් වෙන්නේ තිරු නඬේෂන්ගේ 1990-2000 අතර ගනුදෙනු තමයි සොයාගෙන ඇති බව කියන්නේ. එය පැහැදිලිවම වෙබ් සයිඞ් එකේ තියෙනවා. ඔය කියන ඉපැයීම් කළානම් ඊට වගකිවයුත්තේ හිටපු ජනපති පේ‍්‍රමදාස. ජේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග වැනි නායකයන්. මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිව හිටියේ නැහැ. බොරුවට නොදන්න දේ කතා නොකර සිටිය යුතුයි. විiා අමරපාලගේ සල්ලි කාගේ ඒවාද කියලා පුළුවන්නම් හෙළිකරන්න. මේගොල්ලො ඇලෝසියස් සමඟ කළ ගනුදෙනු රටම දන්නවා.

එදා යහපාලන ආණ්ඩුව රුපියල් 32 ට ගත් වී වලින් හාල් කිලෝව රුපියල් 105 ට ගියා. අද ගොවියට වී කිලෝවට රුපියල් 55 ක් 60 ක් ලැබෙනවා. අපි එය වළක්වන්නෙ නැහැ.

මේ වසරේදී කොරෝනා මර්දනයට එන්නත් ලබාදීමෙන් ලොව හොඳම රටවල් 10 අතරට අපි පැමිණියා. ජනපතිතුමාගේ වැඩපිළිවෙල 2022 වසරේදී බලන්න අපි යන ගමන වේගවත් කරනවා.



පාර්ලිමේන්තුව අද (06 වැනිදා) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment