ආචාර්ය මැක්මැනස්, මෑතකදී ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී LOLC හි පැන්තෙරා පාඩස් කොටියන් සංරක්ෂණ මුලපිරීම් සඳහා ඇයගේ සහය ලබා දීමට එකඟ වූ අවස්ථාව.
අගෝස්තු 1 වැනිදාට යෙදුනු ජාතික පැන්තෙරා පාඩස් කොටියන්ගේ දිනය සමරමින්, LOLC සමූහය සහ වනසත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society – WNPS) එක්ව ශ්‍රී ලාංකීය පැන්තෙරා පාඩස් කොටියන් සංරක්ෂණය සඳහා වන අඛණ්ඩ කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා නව වැඩසටහන් කිහිපයක් දියත් කර ඇත.
රටේ අග්‍ර විලෝපිකයා මෙන්ම, දිවයිනේ පොහොසත් ජෛව විවිධත්වයේ ප්‍රධාන අංගයක් ලෙසින්ද සැලකෙක ශ්‍රී ලංකා පැන්තෙරා පාඩස් කොටියන්, මේ වන විට සැලසුමක් නොමැති ඉඩම් පරිහරණය, වනජීවී අපරාධ, දඬුවම් ප්‍රමාණවත් නොවීම සහ සීමිත පාරිසරික අවබෝධය වැනි දිනෙන් දින උග්රවන තර්ජනවලට මුහුණ දී ඇත. දැනට ඉතිරිව ඇත්තේ පැන්තෙරා පාඩස් කොටියන් 1,000 කට වඩා අඩු සංඛ්‍යාවක් බැවින්, මෙම ආවේණික උප විශේෂය සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම වෙන කවරදාටත් වඩා වැදගත් වී ඇත.
මෙම පුළුල් ප්රයත්නයේ කොටසක් ලෙසින් දැනුවත් භාවය ඇති කිරීම සහ මහජන සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා LOLC විසින් “ශ්‍රී ලංකා පැන්තෙරා පාඩස් කොටියන් සුරකිමු” (Save the Sri Lankan Leopard) යන තේමාව යටතේ නව ලාංඡනයක් හදුන්වා දී ඇත. සංරක්ෂකයන් සහ සාමාන්‍ය ජනතාව යන අංශ දෙකම අනුනාද වන මෙම ලාංඡනය පැන්තෙරා පාඩස් කොටියන් ගේ පිරිසිදු සහ බලගතු රූපයකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකා පැන්තෙරා පාඩස් කොටියන් සහ උන්ගේ වාසස්ථාන ආරක්ෂා කරමින්, අභිමානය සහ සංරක්ෂණ ප්රයත්නයන් සඳහා සහාය දැක්වීම ඉන් අරමුණු කරයි.
2022 පෙබරවාරි මාසයේ සිට LOLC සහ වනසත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමය ශ්‍රී ලංකා පැන්තෙරා පාඩස් කොටියන් මුහුණ දෙන නොයකුත් අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පස් වසරක් පුරා දිවෙන පුළුල් වයාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. පැන්තෙරා පාඩස් කොටි ගහනය නිරීක්ෂණය කිරීම, වාසස්ථාන යෝග්‍යතාවය වැඩි දියුණු කිරීම, පැන්තෙරා පාඩස් කොටි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වන උපයා මාර්ග සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්ථාන හරහා පර්යේෂණ මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීම මෙම මුල්පිරීමට ඇතුළත් වේ. අතීත සහ දැනට ක්‍රියාත්මක වන පරීක්ෂණවල සොයාගැනීම් ඒකාබද්ධ කිරීම සහ හුවමාරු කරගැනීම සඳහා පහසුකම් සැලසීමෙන් ශක්තිමත් සහ විද්‍යාව මත පදනම් වූ සංරක්ෂණ උපයා මාර්ග නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණයි.
මෙම ව්‍යාපෘතිය මගින් පානම, මෝනිංසයිඩ්, කිලිනොච්චි, බෙලිහුල්ඔය, නල්ලතන්නිය සහ රිටිගල යන ප්‍රදේශවල පර්යේෂණ මධ්‍යස්ථාන හයක් ස්ථාපිත කර ඇත. මෙම මධ්‍යස්ථාන ප්‍රාදේශීය වනජීවි සහ වනජීවී නිලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් පැන්තෙරා පාඩස් කොටියන් නිරීක්ෂණය කිරීමට සැඟවුණු කැමරා සහ සමීක්ෂණ භාවිතා කරන අතර, දැනුවත් කිරීම් සඳහා වන අධ්‍යාපනික මධ්‍යස්ථාන ලෙසින්ද සේවය කරයි. මිනිසුන් ආධිපත්‍ය දරන භූමි ප්‍රදේශයන්හි අටවන උගුල් හේතුවෙන් ඉහළ යන පැන්තෙරා පාඩස් කොටි මරණ සංඛ්‍යාවට විසඳුම් සෙවීමට මෙම මුල් පිරීම මගින් කටයුතු කරන අතර, වන ආවරණය ඉහළ නැංවීම, වනාන්තර ප්‍රමාණය සහ භූ දර්ශනය ආරක්ෂා කිරීම තුළින් පැන්තෙරා පාඩස් කොටියන් ගේ වාසස්ථානවල යෝග්‍යතාවය වැඩි දියුණු කිරීමටද බලාපොරාත්තු වෙයි.