පැමිණිලිකරුවන්ට විනිසුරන් සහ අළුගෝසුවන් ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙමි – පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්

568

පැමිණිලිකරුවන් විනිසුරන් සහ අළුගෝසුවන් ලෙස කටයුතු කර ඇතැයි ද ආගමේ නාමයෙන් අන්තවාදී ක‍්‍රියා සිදු කරන්නන් කිසිවකුට ගැලවී යෑමට ඉඩ නොදෙන බව පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර ඇත’ මින්පසු රජය නබිනායක තුමාගේ නාමය හෝ ආගම අවභාවිත කිරීමට අවකාශ දෙන්නේ නැතැයි හෙතෙම පළ කළේය’

ශ‍්‍රී ලාංකික කළමනාකරුවකු වූ ප‍්‍රියන්ත කුමාර බේරාගැනීමට උත්සාහ කළ මලික් අද්නන්ට සම්මානයක් පිරිනැමීමේ උත්සවය අමතා ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේය’ සිය දිවි නොතකා පාකිස්තානයේ ගෞරවය රැුකීමට මලික් අන්නත් ගත් ක‍්‍රියා මාර්ගය අගමැති ඉම්රාන් ඇගයීමට ලක් කෙළ්ය’ ඉදිරියේදී කවුරුන් හෝ ආගම භාවිත කර නීතිය සියතට ගැනීමට ක‍්‍රියා කරන්නේ නම් ඔහුව අත්හරින්නේ නැතැයි පාකිස්තාන් අගමැතිවරයා තවදුරටත් කීවේය’ අද සිට ආගමට මුවාවී කටයුතු කිරීමට මම ඉඩ නොදෙන්නෙයි යැයි අගමැති ඉම්රාන් ඛාන් තරයේ පළ කළේය’

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment