පැයට මරණ 3ක් (වගකීමෙන් දවස ගෙවමු)

2471

කොරෝනා වසංගතය හමුවේ ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයට ලක්වී තිබේ. අද වනවිට අප රටෙන් හමුවන කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇත. එනිසාම කරාපිටිය ශික්‍ෂණ රෝහල සහ රත්නපුර මහ රෝහල විසින් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කොට ඇත. එම රෝහල්වල මෙන්ම රාගම, කළුබෝවිල, ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක්ම මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී තිබේ. අදාළ රෝහල්වල කොරිඩෝවල, ඇඳන් යට හෝ රෝහලේ ඉඩ ඇති ස්ථානයක සිට සමහර

 රෝගීන්ට ප‍්‍රතිකාර ලබා ගැනීමට සිදුවීමෙන්ම මෙහි ඇති බරපතළ තත්ත්වය කෙතරම් ද යන්න පැහැදිලිය.

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යහේමන්ත හේරත් මහතා පෙන්වා දෙනු ලබන්නේ බොහෝ රෝහල්වල මේ වනවිට ගැටලූකාරී තත්ත්වයක් උදාවී ඇති බවයි. මේ වනවිට සෑම පැයකටම කොරෝනා මරණ තුනක් වාර්තා වන අන්දමට තත්ත්වය බරපතළ වී ඇතැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටී. තවදුරටත් කොරෝනා ආසාදිතයන් වැඩි වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති බව හෙතෙම කියා සිටී.

 කොරෝනා රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනු ලබන මෙම අනතුරු ඇ`ගවීම හොඳින් කියවා තේරුම් ගැනීම අප සමාජයේ සියලූ දෙනාගේම වගකීමකි. එසේ සිදු නොවුණහොත් සිදුවිය හැකි අනතුර ඉතා බරපතළය.

 එනිසාම මේ මොහොතේදී රජය සෞඛ්‍ය අංශ මෙන්ම ජනතාවද සිය වගකීම නිසි ලෙස හඳුනාගෙන කටයුතු කළ යුතුව ඇත. මේ වනවිට රජය පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කර තිබේ. රාජ්‍ය සේවයටද වාර්තා කරන ලෙස දන්වා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන විපක්‍ෂයේ ඇතැම් මන්තී‍්‍රවරු පෙන්වා දෙන්නේ එය කොරෝනා රැුල්ලකට අතවැනීමක් ලෙසය. කෙසේ නමුත් මේ වනවිට රාජ්‍ය සේවය දෙකට කඩා සේවකයින් කැ`දවීමට රජය තීරණය කර ඇත. ඒ අතර රටපුරා ගුරු උද්ඝෝෂණයන් ද කි‍්‍රයාත්මකය. එයට චෝදනා කරන ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ‘කොරෝනා ගුරු පොකුරක්’ නිර්මාණය වුවහොත් එහි වගකීම විපක්‍ෂය සහ වෘත්තීය සමිති භාරගත යුතු බවට චෝදනා කරති.

 රටක වසංගත රෝගයක් පවතින අවස්ථාවක පක්‍ෂ විපක්‍ෂ ලෙස පිල් බෙදී එකිනෙකාට දොස් පවරා ගැනීමෙන් ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. මේ මොහොතේ අප සියලූ දෙනා වසංගතයෙන් අප රටේ ජන ජීවිත සුරක්‍ෂිත කිරීමට ගත හැකි පියවර පිළිබඳව පොදු එකඟතාවකට පැමිණ කටයුතු කළ යුතුය. එසේ නොමැතිව පක්‍ෂවලට බෙදී පිල්වලට බෙදී කි‍්‍රයා කළහොත් ජය ගන්නේ ජනතාව නොව වසංගතය බව අප සියලූ දෙනා කල්පනා කළ යුතුය. මේ මොහොත යනු එකිනෙකාගේ ප‍්‍රතිරූපය ගොඩනගා ගන්නා මොහොතක් නොවන බව අප තරයේ සිහිතබා ගත යුතුය. රටේ මානව සම්පත ආරක්‍ෂා කර ගැනීමට ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයකටම සහය පළ කරන සැබෑ මානවහිතවාදීන්ගේ භූමිකාවට පණපොවන අවස්ථාවක් බවට මෙය පත්කර ගත යුතුව ඇත.

 එහෙත් ඇතැම් දෙනා මේ මොහොතේ සිය වගකීම අවබෝධ කරගෙන කටයුතු කරන බවක් අප දකින්නේ නැත. කොරෝනා දෙවැනි රැුල්ල කි‍්‍රයාත්මක වෙද්දී බණ්ඩාරගම අටලූගම අසාදිතයකු රෝහල්ගත කිරීමට යෑමේදී පී. එච්. අයි. මහත්වරු මුහුණ දුන් සිද්ධිය කාටවත් අමතක නැත. පී.එච්.අයි. මහත්වරුන්ට කෙළ ගැසූ එම අපතයාට අවසානයේදී සිර දඬුවම් විඳීමට සිදුවිය. එවැනිම සිද්ධියක් ඊයේ පෙරේදා ගිරිඋල්ල පුස්කොළදෙනිය ප‍්‍රදේශයෙන් වාර්තා විය. මෙහිදී පී. එච්. අයි. මහත්මයකුට කෙළ ගසා තිබුණ සැකකරු රිමාන්ඞ් භාරයට පත්කර ඇත. මේ අතර බේරුවල පයාගල ප‍්‍රදේශයේ කොටහළු උත්සවයකට ආ පිරිස අතරින් කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබේ. කොටහළු උත්සවයට කෑම පිසූ තැනැත්තා තමන්ට කොරෝනා රෝග ලක්‍ෂණ තිබියදී අදාළ කාර්යයේ යෙදී තිබේ. කොරෝනා වසංගතයේ ඇති භයානකකම ගැන සමාජය ප‍්‍රමාණාත්මකව දැනුවත්ව තිබියදී මෙවැනි සිදුවීම් වාර්තා වීම අතිශය කනගාටුදායකය.

 සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අවුරුදු 18 ට අඩු දරුවන් 45831 කට මේ වනවිට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවයි. ඉන් දරුවන් 14 දෙනකු මියගොස් තිබෙන බවද ඇය සඳහන් කළාය. විකෘති තත්ත්වයක් නිර්මාණය වෙමින් අලූත් වෙවී එන කොරෝනා වසංගතය හමුවේ අප සීරුමාරුවට විසඳුම් සෙව්වේ නැතිනම් අපට බොහෝ දේ අහිමි වීමට ඉඩ තිබේ. එනිසා එකිනෙකාට චෝදනා නොකර මේ මොහොතේ අප අපගේ වගකීම ඉටුකිරීම සහ විනයක් සහිතව ජීවත්වීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.


advertistmentadvertistment