පැය 72ක දී ඉන්දීය ගුවන් යානා 12කට බෝම්බ තර්ජන

424

දාහතේ සිසුවෙක් අත්අඩංගුවට

පැය 72ක් ඇතුළත ඉන්දීය ගුවන් යානා 12කට බෝම්බ තර්ජන එල්ලවී තිබේ. මේ නිසා මේ ගුවන් යානා ආපසු හරවා ඒමට හෝ වෙනත් රටක බස්සවා යළි ආරක්ෂාව තහවුරු කිරීමට සිදුව ඇත.

මේ බෝම්බ තර්ජන එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා වන අතර ඒ සියල්ල පසුව බොරු තර්ජන බව හෙළිව ඇත. නමුත් මේ නිසා මගීන් මෙන්ම ආරක්ෂක අංශ ද බලවත් අපහසුතාවයට පත්ව තිබේ.

චිකාගෝ බලා ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබුණු තර්ජනය නිසා එම යානය කැනඩාවට ගොඩ බස්සන්නට සිදුව තිබේ.

සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල කිරීම සම්බන්ධව 17 හැවිරිදි ඉන්දීය සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment