පැල්මඩුල්ලේ ට්‍රැෆික් ඕ’අයි’සී’ රිය අනතුරකින් මරුට – ත්‍රිරෝදය වාහන දෙකක හැප්පිලා

66

රාජකාරි නිම වී නිවෙස බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පැල්මඩුල්ල පොලිසියේ රථ වාහන අංශයේ  ස්ථානාධිපතිවරයා රත්නපුර පැල්වාඩිය කැටන්දොලදී සිදුවූ රිය අනතුරකින් මරුමුවට පත්විය’

පෙරේදා (31 දා) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි’ පැල්මඩුල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ජී’ ඩී’ විමලරාජ් ගුණදාස (56) මහතා අනතුරින් මියගොස් තිබේ’ ඔහු රත්නපුර” මාරපන” පොත්තකන්ද පදිංචි අයෙකි’ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ධාවනය කරවන ලද ත්‍රිරෝද රථය ලොරියක සහ පෞද්ගලික බස් රථයක ගැටී ඇතැයි පරීක්ෂණවල දී හෙළි වී තිබේ’ ලොරි රථය සහ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත’ බස් රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි’ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (01 දා) රත්නපුර ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි‘ මියගිය පොලිස් පරීක්ෂකවරයා පැල්මඩුල්ල පොලිසියේ වසර කීපයක් සේවය කර තිබේ’

කහවත්ත – සමරවීර නිරෝෂණ

 

advertistmentadvertistment
advertistmentadvertistment