පෑන් ඒෂියා බැංකුව ලොව තෙවන විශාලතම මුදල් හුවමාරුව වන Ria සමඟ එක්වේ

201

සැබෑම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස පෑන් ඒෂියා බැංකුව පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සඳහා නිතැතින්ම කැපවෙයි. එහිදී පෑන් ඒෂියා බැංකුවේ පාරිභෝගික කේන්ද්‍රීය සේවා පිරි නැමීමේ අරමුණ සැබෑවක් කිරීමේ තවත් පියවරක් ලෙස එක්සත් ජනපදය පදනම් කරගත් ලෝකයේ තුන්වන විශාලතම මුදල් ප්‍රේෂණ අයතනය වන Ria මුදල් හුවමාරුව හා හවුල්කාරිත්වයක් ඇති කරගන්නා ලදී.

මෙම හවුල්කාරිත්වයත් සමඟ පෑන් ඒෂියා බැංකුවේ පාරිභෝගිකයන් සඳහා තමන්ගේ කැමැත්ත හා පහසුව අනුව තෝරා ගැනීම් විකල්ප කිහිපයක් මත සේවාවන් අත්විඳීමට හැකියාව ලබාදී තිබේ.

රටවල් 160ක ශාඛා 507,000කින් සමන්විත ගෝලීය ව්‍යාප්තියක් සහිත Ria යනු විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවට තම ප්‍රේෂණ යැවීමට පහසු සහ විශ්වාසදායක මුදල් හුවමාරු සේවාවකි. එහිදී විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයිනගේ ආදරණීයයන්ට ඕනෑම පෑන් ඒෂියා බැංකු ශාඛාවකට ගොස් මුදල් වශයෙන් එම ප්‍රේෂණ ලබා ගැනීමේ පහසුව පවතී.


advertistmentadvertistment