පෑලියගොඩට ලැබෙන එළවළු පලතුරු අඩුවෙයි

33

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට ගෙන එන එළවළු සහ පලතුරු තොග ප‍්‍රමාණයන්වල අඩුවක් ඇති බවත් එම නිසා එළවළු හා පලතුරු මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් මැනිං පොදු වෙළෙඳපොළේ හිටපු ප‍්‍රධාන සංවිධායක අනිල් ඉන්‍ද්‍රජිත් මහතා පැවසීය.

මේ දිනවල පවතින පොහොර ගැටලූව හා වර්ෂාව නිසා එළවළු පලතුරු ගොවීන්ට මෙන්ම වෙළෙඳුන්ටත් බොහෝ ගැටලූවලට මුහුණදීමට සිදුව ඇති බව ද ඒ මහතා පැවසීය. පසුගිය දින කීපයේදී මැනිං වෙළෙඳපොළට ගෙන ආ එළවලූ පලතුරුවල ගුණාත්මක බව පිළිබඳව ද ගැටලූ ඇති වූ බව පැවසූ ඒ මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

වෙනදට වඩා මේ දවස්වල මාර්කට් එකට ගේන එළවළුවල කොලිටිය අඩුවෙලා. සමහර එළවළුවල පණුවෝ. තවත් ඒවා පෙනුමෙන් බාලයි. ගැනුම්කරුවන්ගේ අඩුවක් නැති වුණත් සැපයීම්වල අඩුවක් තියෙනවා. එළවළු මිලත් ඉහළ ගිහිල්ලා. මේ පොහොර ගැටලූවට කඩිනම් විසඳුමක් නොලැබුණොත් ඉදිරියේ එළවළු පලතුරු හිඟයක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසා බලධාරීන් ගොවීන්ගේ ගැටලූවලට විසඳුම් ලබා දිය යුතුයි.

ඊයේ (29 දා) එළවළු මිලෙහි වෙනදාට වඩා වැඩිවීමක් ද තිබූ බව සංවිධායකවරයා පැවසීය. ඒ අනුව ලීක්ස් කිලෝවක මිල රු. 180ත් 200ත් අතර. කැරට් කිලෝවක මිල රු. 150 – 160ත් අතර, මාළු මිරිස් කිලෝවක් 280, වම්බටු කිලෝවක් රු. 200 ක් ආදී ලෙස තොග මිල ගණන් වැඩි වී තිබුණි.

නිරෝෂා වාසල
 

advertistmentadvertistment