පෑලියගොඩට ලොරි ඒම 60%කින් බසී – තිබෙන එළවළුත් ගිනි ගණං

107

ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු රැගෙන එන වාහන 60% කින් අඩුවී ඇති අතර වෙළෙඳුන්ගේ පැමිණීමද අවම වී තිබේ. මේ නිසා එළවළු මිල ඉතාමත් අධික වූ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා “දිවයින”ට පැවසීය.

ඊයේට සමගාමීව එළවළු තොග ඉතාමත් අඩුවෙන් වෙළෙඳ මධ්‍යස්ථානයට ලැබුණු බවද ඒ මහතා සඳහන් කරයි.

ඊයේ සමහර වෙළෙඳ මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 700, 800 ත් අමු මිරිස් කිලෝවක් 900, 1000ත්, තක්කාලි කිලෝවක් 900, 1000 ත් අතර මිලකට අලෙවි වූ බවද සෑම එළවළු වර්ගයක්ම ඉතාම ඉහළ මිලක පැවති බවද ඒ මහතා සඳහන් කළේය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment