පිරිමි 125ක්
ලංකාවේ වසරකට පියයුරු පිළිකා සහිත කාන්තාවන් 5500 දෙනකු හඳුනාගන්නා බවත් පියයුරු පිළිකා සහිත පිරිමි පුද්ගලයන් 125 දෙනකු හඳුනාගන්නා බවත් ජතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවාය.
අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවකම සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතු බවද ඇය කියා සිටියාය.
ඔක්තෝබර් මාසය පුරාවට සිදුකෙරෙන පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය වැඩසටහනකදී ඇය එසේ පැවසුවාය.
තවදුරටත් කතා කළ ඇය මෙසේද කියා සිටියාය.
“ලෝකයේ රටවල්වල පියයුරු පිළිකාව සංඛ්‍යාත්මකව වැඩිවෙමින් පවතිනවා. ලෝකයේ කලින් හඳුනාගැනීමේ හැකියාව වැඩියි ලංකාවට සාපේක්ෂව. ඒ නිසා පියයුරු පිළිකාව නිසා සිදුවන මරණ ප්‍රතිශතය ගත්තොත් අනිත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ වැඩිවෙලා තියෙනවා.”
“මූලික වශයෙන් අවුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන් සෑම මාසයකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කරගත යුතුයි. පියයුරු පරීක්ෂාව කියන්නේ තමා විසින් තමාගේ පියයුරු පරීක්ෂා කරගැනීම. මේක හැම මාසෙකම සිද්ධ කරන්න ඕන. ඒ තුළින් තමන්ගේ පියයුරුවල ස්වභාවය පිළිබඳව හඳුනා ගැනීමක් සිදුවෙනවා. මේක ඉතාම කෙටි කාලයක් තුළ සිදුකරන්න පුළුවන් පරීක්ෂාවකි.
ඒ වගේම සායනික පියයුරු පරීක්ෂාව මගින්ද අපි ඔවුන්ව දැනුවත් කරනවා. අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවක් නම් සායනික පියයුරු පරීක්ෂාව අවුරුදු 3කට වරක් වෛද්‍යවරයකු ලවා කරගත යුතුයි. අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවක් නම් වාර්ෂිකව සායනික පියයුරු පරීක්ෂාව සඳහා යොමුවිය යුතුයි.
එහිදී පියයුරේ ඇතිවන යම්කිසි ගැටිත්තක්, වල ගැසීමක්, එහෙම නැත්නම් වර්ණයේ වෙනසක්, සම ඝනවීමක්, කිහිල්ලේ ඇතිවන යම්කිසි ගැටිත්තක්, තනපුඩුවලින් පිටවන අසාමාන්‍ය ශ්‍රාවයක්, ලේ ගැලීමක් වගේ තත්ත්වයන් ඇති වුණොත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුයි. ඒ තුළින් රෝගය කලින්ම හඳුනාගත හැකිවෙනවා.”
ජාතික පිළිකා මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,
2022 වර්ෂයේදී ලෝකය පුරා පියයුරු පිළිකා සහිත කාන්තාවන් ලක්ෂ 23ක් වාර්තාවෙලා තියෙනවා. ඒ වගේම, 2022 වසරේදී පියයුරු පිළිකා නිසා පුද්ගලයන් හයලක්ෂ හැත්තෑ දෙදහසක් ලෝකය පුරා මියගිහින් තියෙනවා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්