පිය දිවිය එළිය කළ කලා සාන්ත

309

සංගීතඥ සුනිල් සාන්තයන්ගේ දියණිය වන කලා සාන්ත විසින් රචිත ‘‘සතුන් වත්තෙන් ඔබ ගෙවත්තට’’ කෘතියේ සයවන මුද්‍රණය මේ වනවිට මුද්‍රණයෙන් නිකුත් වී ඇත. රට සතු ජාතික වස්තූන් ලෙස ආරක්‍ෂා කළ යුතු පරිසරය හා වනසතුන් රැකගැනීමේ වැදගත්කම පෙන්වා දෙන මෙම කෘතියට ජාතික සතුන් වත්තේ මෙන්ම පින්නවල අලි අනාථාගාරයේ පශු වෛiවරියක් ලෙස සේවය කරන ලද අවදියේ ඇය ලද අත්දැකීම් ආදිය ද ඇතුළත් ය. පහත පළවන්නේ එම ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත්කළ තම නැගණිය වන කලා සාන්ත පිළිබඳව සංගීතඥ සුනිල් සාන්තයන්ගේ පුතණුවන් වන සුනිල් සාන්ත විසින් ලියන ලද ලිපියකි.

පිය දිවිය එළිය කළ කලා සාන්ත

 ‘‘තාත්තේ තාත්තේ මම සින්දුවක් හැඳුවා’’ දෙවසරක් පමණ වූ කුඩා දියණිය දිවගෙන විත් පියාගේ උකුළට පැන කීවාය.

 ‘‘ආ කියන්න බලන්න’’, කී පියාට ඇසුනේ අපූරු කිසිදා අසා නැති අන්දමේ ගීයකි. ‘‘පොඞ්ඩක් ඉන්න දුව’’ කී පියා හනිකට ගොස් ඒ දිනවල ගෙදර තිබුණ තාත්තාට ඉතා ලැදි කිංස්ලි සේනාරත්නයන්ට අයත් කුඩා පටිගතකරන යන්ත‍්‍රය ගෙනවිත් ලැහැස්ති කර, ‘‘ආ දැන් කියන්න’’ කීය. ‘‘හැල්ෆොහීට හැල්ෆොහීට’’ යනුවෙන් පටන්ගත් අමුතුම බසකින් පියාගේ ඔඩොක්කුවේ හිඳ ගැයූ ගීය කලා සාන්ත කළ මුල්ම පටිගතකිරීම වූවාය. එම ගීය කුඩා දරුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ අනුප‍්‍රාසය අඩං`ගු තරමක් සංකීර්ණ නිපැයුමක් වූවාය. එම ගීයේ පද මාලාවද අමුතු, අප කිසිවෙක් අසා නැති වචනවලින් සමන්විත විය. එය අප නොදන්නා බසක් ද විය හැකිය.

 තාත්තා යන තැන්වලට හැමවිටම මාද එක් කරගෙන ගියා. තාත්තා එම ගීය ගුවන් විදුලි සේවයේ (දැන් ගුවන් විදුලි සංස්ථාවේ) මිතුරන්ට වාදනය කර පෙන්වූ විට ඔවුන් විස්මිත වුන සැටි මට තවම මතකයි. මා පියා, සුපතල සුනිල් සාන්ත ඒ දිනවල ගුවන් විදුලියේ ගී නොගැයූ අවදියක්. නංගී පාසලේ දී හා ගෙදරදී නිතර ගී ගැයුවත්, එවන් ගීයක් ඉන් පසුව කවදාවත් ගැයුවේ නැහැ.

 අම්මා කීවා මා ඉපදුන පසු තාත්තා දුවෙක් බලාපොරොත්තුවෙන් ලංකා කියන ගැහැණු නමත් ලැහැස්ති කරගෙන සිටි බව. නමුත් එම බලාපොරොත්තුව ඉටු වුණේ තව දරුවන් දෙදෙනෙකුට පසුවය.

 නංගී උපන් කල මට යන්තම් මතකයි. තාත්තා ඉතා සතුටින් සිටියා. තාත්තා පුතුන් තිදෙනා ද සම`ග ගුවන් විදුලියටද ගොඩවුණා. මිතුරන් හමුවන්න. ගුවන් විදුලියේ මැදිරියක් තුළ අප නවතා සම්බන්ධිකරණ මැදිරිය තුළට ගොස් වීදුරුව තුළින් අපට අත වනා කතාකළ සැටි තවම මතකයි. අප තිදෙනා මැදිරියේ මයික‍්‍රෆෝනයකට ගීයක් ගයන අන්දමට තාත්තා පින්තූරයක්ද ගත්තා.

පිය දිවිය එළිය කළ කලා සාන්ත

දරුවන් සිව් දෙනාගෙන් ලලිත කලා අංශයට කුඩාකල සිටම වඩාත්ම යොමු වූයේ නංගීයි. මට මතක හැටියට වයස අවුරුදු හතරක් විතර වන අවදියේ කලාගේම නැටුම් විලාසිතාවකට ඈ නිවසේ නිතර රංගනය කළා. ඉතා හෙමින් අත් පා සලමින් කළ ඒ නැටුම තාත්තා හා අම්මා ඉතා අගය කළා පමණක් නොව, මුදල් අමාරුකම් තිබුණත් කලා උනන්දු කරන්නට රතුපාට දිලිසෙන ඇඳුමක් තාත්තා ගෙනත් දුන් රෙද්දෙන් අම්මා මහලා දුන්නා. එම අවදියේම තාත්තාගේ පුංචි අම්මා, අප කුලියට පදිංචිව සිටි ගෙයින් යන්නැයි කියා තාත්තාට නඩු පැවරුවා. මෙවන් කරදර මැද නැටුමට කලාට තිබූ උනන්දුවත් නැතිව ගියා.

 පසු කලෙක තාත්තා කලාට ගිටාර් වාදනය ඉගැන්නුවා. ඒ දිනවල මා සිටියේ පේරාදෙණිය සරසවියේ. මා නිවාඩුවට ගෙදර ආ විට කලා කීවා ගිටාරය තාත්තාගේ නෑයෙක් ටික කලකට අපට පාවිච්චියට දුන් බව. එම ගිටාරය බොහෝ වේලාවට තිබුණේ ඒ දිනවල ගෙදර සිටි කලාගේ ළ`ගම සහෝදරයා ජගත් අතේ. ඒ නිසාදෝ කලාගේ ගිටාරය වැයුමට තිබූ උනන්දුව ටික කලකින් නැතිව ගියා.

 මා අම්මාට කීවා උසස් පෙළ සඳහා නංගීට විශාකා විදුහල වඩා සුදුසු බව. ඒ දිනවල සති අන්තයේ මා පේරාදෙණියේ සිට ගෙදර ඇවිත් නංගීට භෞතික විද්‍යාව ඉගැන්වූවා. නංගී කාලයක්, පියාගේ මිතුරන් වූ ඒ. ජේ. රණසිංහ නිවසේ ද, පසුව ගුරුසිංහ නිවසේද, නැවතී පාසල් ගියා. ඉරිදා සවස බග් ෆියට් වාහනයෙන් තාත්තා කලා බස්වන්න මා සම`ග කොළඹ ගිය සැටි මතකයි. නංගී බැස්සූ පසු තාත්තා මා කොටුව දුම්රිය නැවතුම්පොළට ගෙන ගියා නුවර කෝච්චියට නංවන්න. මා ඒ දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වමින් සිටි නිසා. සිකුරාදා දිනවල තාත්තා කොළඹ ගොස් නංගී එක්කරගෙන ආවා. නංගීගේ ඇඳුම් සෝදා උදව් කළා. උසස් පෙළ විභාගය සමත් වූ පසු නංගී පශු වෛi වරියක් වීමට තීරණය කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වූවා.

 කලා ඉතා ලෙන්ගතුව ඇසුරු කළ සොයුරු ජගත් සාන්ත අබිරහස් ලෙස අකල් මරණයකට ගොදුරු වීම සහ ඉන් සති හයකට පසු තාත්තා නැති වීම තුරුණු කලාගේ දිවියට හා මනසට බලවත් පහරක් වූවා.

 සිය ලබැදියන්ගේ වියෝවෙන් පසු කලා සම්පූර්ණයෙන් පෙර තත්ත්වයට පත් වූයේ නැහැ. සුළු කලකට පසු මා වැඩිදුර ඉගෙනීම සඳහා ජර්මනියට යෑමෙන් ඈ තවත් අසරණ වූවා යැයි මට හැගෙනවා.

 1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛi හා සත්ත්ව විද්‍යා පීඨයෙන්  BVS  උපාධිය ලබා ගත් කලා, පසුව සතුන් වත්තේ හා පින්නවල අලි අනාථාගාරයේ පශු වෛi වරියක් හැටියට වැඩ කළා.

 කලා රචනය කළ, 1996 දී මුල් වරට එළි දැක්වූ, සතුන් වත්තෙන් අප ගෙවත්තට (From the zoo to your garden) නමැති පොත් හා පුවත්පත් වලට ලියූ ලිපි මගින් කලා අප ජාතික වස්තූන් වන පරිසරය හා වන සතුන් රැකගැනීමේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කළා. ඒ පොත්වල, ඊට රුකුල් දීමට අපට තනි තනිවම හා සාමූහිකව කළ හැකි දේද විස්තර කළා. සතුන් වත්තේ හා පින්නවල අලි අනාථාගාරයේ කලා ලැබූ අත්දැකීම් හා ඉන් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු ද එහි සඳහන්ය. ඒ පොතට අවැසි වූ සමහර දත්ත සපයාදෙමින් මා ඇයට උදව් කළා. පොතෙහි පෙර වදනෙහි අම්මා, මා ඇතුළු උදව් කළවුන් සියල්ලන්ට කලා තුති පුදකළා, කළගුණ සැලකීමේ අගය තාත්තා කුඩාකල සිට අපට පෙන්වා දී තිබුණ ලෙසින්ම.

 සත්ත්ව අයිතිවාසිකම් හා පරිසරය සුරැුකීම සඳහා ඈ මුළු හදින්ම මහත් වෙහෙසක් දරුවාය. තාත්තා මෙන්ම ආයුර්වේද වෙදකම් ගැන මහත් විශ්වාසයක් දැරූ ඇය බෙහෙත් පැළෑටි හුවාමරු කරගත් අන්දම පට්ටානේ හාමුදුරුවෝ නිතර සිහිපත් කරයි. තාත්තා සේම ඇය කෑදර, කපටි අයට මහත් අකමැත්තක් දැක් වූ අතර, එවැන්නන් ගෙන් ඈත්ව සිටියාය. තාත්තා සේම ඈ මුදලට වාල්ව ප‍්‍රතිපත්ති පාවා නොදුන්නාය. තාත්තා සේම ඈ නොබියව තම මතය පළකර, තමා හරියැයි සිතූදෙය සඳහා කැපවී ඉන් පාඩුවක් වී නම් ඒ නිහඬව විඳගත්තාය. ඇගේ පොතේ එවන් සිද්ධීන් කීපයක් විස්තරාත්මකව සඳහන් කර ඇත.

 x සුනිල් සාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment