පිරවුම්හලේ ආරවුලෙන් ක්‍රයිම් ඕඅයිසී රෝහලේ

323

මතුගම ඉන්ධන පිරවුම්හලේ පෙරේදා(11දා) රාත්‍රී ඇති වූ ආරවුලක් සමතයකට පත්කිරීමට යෑමේදී පුද්ගලයෙකුගේ පහරකෑමට ලක්වූ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා තුවාල ලබා මතුගම රෝහලට ඇතුලත් කර ඇතැයි මතුගම පොලිසිය පවසයි.

පහරදීම සම්බන්ධයෙන් මතුගම ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කියයි.පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යුධ හමුදා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළුන් යොදා පාලනය කොට ඉන්ධන බෙදාහැරීම සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ආර්.ඒ.එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment