ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ 99 ප්රදේශයේ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම් හලේ පෙරේදා (03 වැනිදා) සවස සිදු වූ කලහකාරී සිද්ධියකදී එම ස්ථානයේ රාජකාරියෙහි යෙදී සිටි හමුදා සෙබළකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් ඉන්ධන හලේ සේවක පිරිස සමඟ ඇතිකර ගත් බහින්බස්වීමක් දුරදිග යෑම වළක්වාලීමට කටයුතු කළ අවස්ථාවේදී කලහකාරී ලෙස පැමිණි එක් අයෙකු හමුදා සෙබළාට පිහිකින් ඇන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. තුවාල ලබා ඇත්තේ කඳුරුගස්ආර හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
උඩවලවේ – එච්. එස්. අබේරත්න