2024 අන්තර් විශ්වවිද්‍යාලයීය වොලිබෝල් තරගාවලිය
2024 සැප්තැම්බර් මස 6 වැනි දින සිට 9 වැනි දින දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණු 2024 අන්තර් විශ්වවිද්‍යාලයීය වොලිබෝල් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම ජයග්‍රහණය කරමින් කැලණිය විශ්වවිද්‍යාලය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත.
මෙම තරගාවලියේ දී යාපනය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලය පිරිමි වොලිබෝල් දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් ලබාගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලය කාන්තා වොලිබෝල් දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් ලබා ගත්හ.
තරගාවලිය පුරාවටම දිවයින පුරා පිහිටි සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් එල්ල වූ දැඩි තරගකාරීත්වය අභිබවා යමින්, දැඩි තරගකාරී අවසන් මහා තරගයේ දී පිරිමි කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගත් අතර කාන්තා කණ්ඩායම විසින් තරගාවලිය පුරා සිය ආධිපත්‍යය ප්‍රදර්ශනය කරන ලදි.
මෙම ද්විත්ව ජයග්‍රහණය කැලණිය විශ්වවිද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාවේ ශක්තිය ඉස්මතු කරනවා පමණක් නොව ඉදිරි තරග සඳහා පූර්වාදර්ශයක් ද සපයයි. එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය වොලිබෝල් පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම එකම වසරක දී ලබාගත් පළමු අවස්ථාව ද මෙය වන බැවින් එය ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
අමාෂා නානායක්කාර