පිලිපීනයේ අලෙවි වන ‘ග්‍රෑන්ඩ් ලොටෝ’ ලොතරැයියේ ඉකුත් සති අන්තයේ දිනුම් ඇද ඇති දැවැන්ත ජැක්පොට් ත්‍යාගය 433 දෙනෙකු වැනි විශාල පිරිසක් විසින් හිමි කර ගැනීම සම්බන්ධයෙන් එරට සමාජයේ විවිධ අංශ විසින් ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ. මෙය පිලිපීන ලොතරැයි ඉතිහාසයේ දැවැන්ත ජැක්පොට් ත්‍යාගය සඳහා මෙතරම් විශාල පිරිසක් එකවර උරුමකම් කි ප්‍රථම වතාව සේ සැලකේ.
පිලිපීනයේ මුදල් ඒකකය වන පේසෝ මිලියන 236ක (ඇමරිකානු ඩොලර් මිලියන 04ක) ජැක් පොට් ත්‍යාගයක් වෙනුවෙන් ඉකුත් ඉරිදා (01දා) දිනයේ දිනුම් ඇද ඇති මෙම ලොතරැයියේ වාසනාවන්ත අංක වන 09,45,36,27,18,54 යන අංක 433 දෙනකුගේ ලොතරැයිපත්වල සඳහන්ව තිබීම සැක සහිත බව පවසමින් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සුළුතර නායක කොකෝ පිමෙන්ටල් මෙම සැක සහිත ලොතරැයි දිනුම් ඇදීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කර තිබේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මතභේදයට තුඩු දී ඇති ලොතරැයිය හිමි සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත්තේ මෙම ග්‍රෑන්ඩ් ලොටෝ ලොතරැයියේ ජැක්පොට් දිනුම් ඇදීමේදී කිසිදු අක්‍රමිකතාවයක් සිදුව නොමැති බවයි. මෙහිදී සිදුව ඇත්තේ පිලිපීන ජනතාව විශාල වශයෙන් සංඛ්‍යා අනුපිළිවෙළට ඔට්ටු ඇල්ලීමට නැඹුරු වී තිබීම බව ඔහු සඳහන් කර තිබේ. මෙම ජැක්පොට් ත්‍යාගයේ හිමිකරුවන් විසින් පෙරේදා සිය ත්‍යාග මුදල් ලොතරැයි කාර්යාලයෙන් ලබා ගෙන තිබේ.