පි‍්‍රයවංදාගේ කරාබු ජෝඩුව – අබ්ලික් Story

556

මේක බොහොම සංවේදී කතාවක්. මේක වුණේ මීට ටික කාලෙකට උඩදී කන්තලේ පැත්තෙ බොහොම දුෂ්කර ගමක.

 පි‍්‍රයංවදා බොහොම දුෂ්කර කටුක ජීවිතයක් ගත කරපු තිදරු මවක්. එයාගෙ සැමියා සුනිල් ආරක්ෂක අංශයක සේවය කළා. දරුවෝ තුන්දෙනා ලොකු මහත් කරලා උන්ට උගන්වන්න සුනිල්ගෙන් ඒ සහායක් ලැබුණෙ නැහැ. පි‍්‍රයංවදාගෙ නිවහනේ ආර්ථික අගහිඟකම් එන්න එන්නම ඉහළ ගියා. දරුවන්ගේ අනාගතේ ගැන හිතලා පි‍්‍රයංවදා තීරණයක් ගත්තා.

 සුනිල් මම රට රස්සාවකට යනවා. මෙහෙම ගියොත් අපිට දරුවන්ට කන්න අඳින්න දෙන්නත් බැරි වෙයි. උන්ගෙ අනාගතේ ලස්සන කරලා දෙන්න ඕනෙ.

පි‍්‍රයවංදාගේ කරාබු ජෝඩුව - අබ්ලික් Story

 පි‍්‍රයංවදා එයා ගත්ත තීරණය සුනිල්ට කිව්වා. වැඬේ සුනිල් එක පයින් කැමැති වුණා. ඒත් අහිංසක පුංචි දරුවෝ අම්මා රට යන එකට කොහෙත්ම කැමැති වුණේ නැහැ.

පි‍්‍රයංවදාට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. පුංචි දරුවෝ ඇෙඟ් එල්ලිලා හඬා වැළපෙද්දී ඇය අරාබිකරයේ රැකියාවකට යන්න පිට වුණා. වැලිකතරේ දහදුක් විඳලා උපයන හැම සතයක්ම පි‍්‍රයංවදා එයාගේ සැමියාට එව්වා.

 ‘‘මේ සලිල් දරුවෝ වෙනුවෙන් වියදම් කරන්න. ගේත් ලස්සන කරලා හදාගන්න. දරුවෝ තුන්දෙනාට හොඳට උගන්වන්න.’’

 පි‍්‍රයංවදා නිතර නිතර සුනිල්ට දුරකථනයෙන් කිව්වා. සුනිල් දැන් සුද්දා වගේ තමයි ඉන්නෙ. මේ වෙනකොට සුනිල් රැකියාවෙනුත් අයින් වෙලා හිටියේ. පි‍්‍රයංවදා එවන සල්ලි සුනිල් අතදිග හැරලා වියදම් කළා. ඒත් ඒ මුදල් වියදම් කළේ දරුවන්ටත් ගෙදරටත් නෙවෙයි. සුනිල්ගෙ අනියම් බිරිඳට.

 පි‍්‍රයංවදාවත් එයාගෙ අහිංසක දරුවෝ තුන්දෙනාවත් සුනිල්ගෙ මේ පාපතර කි‍්‍රයාවන් ගැන දැනගෙන හිටියෙ නෑනෙ. අවුරුදු දහසයක් අරාබියෙ දහදුක් විඳපු පි‍්‍රයංවදා ආපහු ශී‍්‍ර ලංකාවට ආවේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ පොදිබැඳගෙන.

 දරුවෝ තුන්දෙනා දැක්කට පස්සෙ පි‍්‍රයංවදාගෙ පපුව හෝස් ගහලා පත්තු වුණා. උන් හිටියටත් වඩා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා. ඉන්න බව තේරුම් ගන්න ඇයට මහ වෙලාවක් ගත වුණේ නැහැ. නිවහනත් ගරා වැටිලා ගිහින් තිබුණා. මං එවපු සල්ලිවලට තමුසෙ මොනවද කළේ. මේ දරුවන්ට ඒවා වියදම් කළේ නැද්ද? මට දෙනවා මගේ සල්ලි ටික ආපහු.

 යක්ෂාරූඩ වෙලා හිටිය පි‍්‍රයංවදා සුනිල්ගෙ ඇඟට කඩාගෙන පැන්නා.

 උඹ මට එව්ව සල්ලි සත පහක්වත් මගේ ළඟ නැහැ. ඒවා වියදම් කළා. මුන් තුන්දෙනාට කන්න අඳින්න දුන්නා. සුනිල් කිසිදෙයක් සිද්ධ නොවුණු විදිහට කිව්වා. පි‍්‍රයංවදා ලංකාවට ඇවිත් සති දෙක තුනක් යනකොට සුනිල්ගෙ කැරැට්ටුව ඔක්කොම දැන ගත්තා.

 එදා ඉඳලා මේ පුංචි කැදැල්ල යුද පිටියක් වුණා. අන්තිමේදී සුනිල් ගෙදරින් පිට වුණා. දැන් පි‍්‍රයංවදා කබලෙන් ලිපට වැටුණාවගේ තත්ත්වයකට පත් වෙලා හිටියෙ. හම්බ කරපු එක තඹ දොයිතුවක් ගේ හරියේ නැහැ. දරුවෝ තුන් දෙනාට කන්න බොන්න දෙන්න තියා උන්ව ඉස්කෝලෙ අරින්න විදිහක් නෑනෙ. පි‍්‍රයංවදා දහ අතේ කල්පනා කළා. මොනවද කරන්නෙ කියලා.

 අනේ අම්මේ මට ඉස්කෝලෙ දාගෙන යන්න සපත්තු දෙකක් නැහැ. මේ සෙරෙප්පු දෙකක් කැඩිලා. මුළු ඉස්කෝලෙන්ම සෙරෙප්පු දාගෙන එන්නෙ මං විතරයි.

 පි‍්‍රයංවදාගේ වැඩිමහල් දියණිය ඇස් දෙකේ කඳුළු පුරවාගෙන කිව්වා.

 වෙන කරන්න දෙයක් නැහැ. මේ කරාබු දෙකවත් උසස් කරලා කීයක් හරි අරගමු.

 එහෙම කියලා පි‍්‍රයංවදා එයා කනෙ දාගෙන හිටපු කරාබු දෙකත් ගලවාගෙන කන්තලේ නගරයේ බැංකුවකට ආවෙ වැඩිමහල් දියණියත් එක්ක. බැංකුවට ඇතුළු වුණාට පස්සෙ දැක්ක දෙයින් පි‍්‍රයංවදාගෙ සියො ළඟම කෝපයෙන් වෙව්ළන්න ගත්තා.

 සුනිල් එයාගෙ අනියම් බිරිඳත් එක්ක බැංකුවෙ. අනියම් බිරිඳ කනකර ආභරණවලින් සැරසිලා හිටියෙ. හරියට හෙට්ටිවීදිය කන්තලේ නරගයට ගෙනැල්ලා වගෙයි.

 සුනිලූත් බොහොම ජේත්තුවට ඇඳලා අව් කණ්ණාඩි යුවලකුත් පැළඳගෙන හිටියෙ.

 ‘‘දුවේ අන්න උඹේ තාත්තා ඉන්නවා. එයා ළඟ සල්ලි ඇති සපත්තු දෙකක් අරන් දෙන්න කියන්න.’’

 පි‍්‍රයංවදා සුනිල්ව පෙන්නලා වැඩිමහල් දියණියට කිව්වා. තාත්තව දැක්කට පස්සෙ කොල්ලටත් හරි සතුටුයි. ඇයට උන්හිටිතැන් අමතක වුණා.

 ‘‘තාත්තෙ’’ කියලා කෑගහගෙන කෙල්ල සුනිල් ළඟට දිව්වා.

 ‘‘ඇයි තාත්තෙ ගෙදර එන්නෙ නැත්තෙ. මට සපත්තු දෙකක් ගන්න සල්ලි නැහැ. අම්මා කරාබු උකස් තියන්න ආවෙ. අනේ අම්මා පව්නෙ. තාත්්තෙ මට සපත්තු දෙකක් අරන් දෙන්න.

 පුංචි දැරියට කියන්න ලැබුණෙ එච්චරයි. යක්ෂාවේශයෙන් හිටිය සුනිල් තමන්ගෙ ලෙයින් උපන් දියණියට පහර පිට පහර දෙන්න පටන් ගත්තා.

 ඒ යක්ෂයාගෙ ප‍්‍රහාර දරාගන්න බැරිව පුංචි එකී සිහිසුන්ව බිම ඇද වැටුණා.

 තෝ මහ තිරිසනෙක්. තොට ගෑනු එක්ක ලගින්න බැරි නම් ඕනෙ දෙයක් කර ගනින්. මේ අහිංසක කෙල්ල මරන්නෙ නැතිව. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පි‍්‍රයංවදා බැංකුව දෙවනත් වෙන්න කෑගැහුවා. පුංචි දැරිය රෝහල්ගත කළා. අහිංසක දැරියට සිහිසුන් වෙන්න ගහපු ඒ පාතර පියා අන්තිමේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා.

 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment