පීඩාවට පත් ජනතාවට කාදිනල්තුමාගෙන් සහනයක්

165

ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල්වලට සහන සැලසීම සඳහා කොළඹ අගරදගුරු පදවිය මගින් දැන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය දීම සඳහා කිතුනු මිසම් පාලක පියතුමන්ලා මේ දිනවල ලහි ලහියේ ක්‍රියාත්මක කරගෙන යයි.

වැන්දඹු පවුල් විශේෂ අවස්ථා සහිත දරුවන් සිටින ඔත්පල වූ රෝගතුර වූ සහ උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ ප්‍රමුඛතාවය ලබාදෙනු ඇත. මේ අතර ගෙවතු වගාව දිරිමත් කර මූලික දැනුම බීජ හා ද්‍රව්‍යයන් සැපයීම ලබාදීමත් මෙහිදී සිදු කෙරේ.

මේ සඳහා අදාළ පියතුමන්ලා තම මීසම්වාසීන්ගේ තොරතුරු සැපයීම් දැන් සිදු කරගෙන යයි.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ අදහසක් අනුව මෙම සහන සැපයීමේ වැඩපිළිවෙළ සිදු කෙරේ.

කාදිනල්තුමා ප්‍රමුඛ සහායක රදගුරුවරුන් සමාජ සේවා දිසා අධ්‍යක්ෂ පියතුමන්ලා මෙහි මූලික කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත.

මීට අමතරව රට වෙනුවෙන් යාත්‍රාවක් සිදු කරනු ඇත.

මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ කිතුණුවන්ට පමණක් නොව අන්‍ය ආගමික බැතිමතුන් සඳහා ද ක්‍රියාත්මක කරනු ඇත.

කාදිනල්තුමා ආරම්භ කළ මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ බැතිමතුන් බොහෝ දෙනකුගේ පැසසුමට ලක් වී ඇත.

ලයනල් පෙරේරා, ජුඩ් හෙට්ටිආරච්චි, ජෝ සංගපාල

advertistmentadvertistment
advertistmentadvertistment