පුංචි ඡන්දය පෙත්සම් විභාගය අවසන් තීන්දුව ඉදිරියේ

44

පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඊයේ (6දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය අධිකරණයේ තීන්දුව ඉදිරියේ දී නිකුත් කිරීමට තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් විභාගය පැවැත්විණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment