පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායක විසින් දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 වැනි සිකුරාදා පෙ.ව 9.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේබව තීරණය වී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ගරු අග්‍රාමාත්‍යවරිය විසින් ගරු කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කරනු ලැබේ. එසේම පෙබරවාරි 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී ගරු සභානායකල අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර ඇත.