මෙවර 2022 පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බප/ගම්/දෙකටන ප්‍රාථමික විiාලයේ නිවුන් දියණියන් දෙදෙනකු වන එච්. ජී. ඩී. රෙහන්සා හිරුන්දි සහ එච්. ජී. ඩී. රෙසන්සා සයුම්දි යන දියණිවරුන් ලකුණු 176 බැගින් සම ලකුණු ලබාගනිමින් සමත් වී තිබේ.

තම එකම බලාපොරොත්තුව ඉංජිනේරුවරියන් වී රටට සේවය කිරීම බව එම නිවුන් දියණිවරු කියා සිටිති.
මෙම නිවුන් දියණියන් දෙදෙනා පාසලේ ශිෂ්‍ය නායිකාවන් ලෙසද කටයුතු කරන්නීය. එසේම මෙම නිවුන් දියණිවරුන්ට නර්තන හැකියාවද පවතී.
තමාගේ නැණස පෑදූ පන්තිභාර ගුරුතුමිය වන ගයනි මධුමාලි මහත්මියද දියණිවරුන් සිහිපත් කර සිටී. මේ අතර කොටපොල ජාතික පාසලේ ද පිරිමි නිවුන් දරුවන් තිදෙනකු මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී තිබේ. එම ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පසිඳු පබසර ලකුණු 181ක්ද, ඔවිදු ප්‍රභාසර ලකුණු 177ක්ද, ටිනිදු බිම්සර ලකුණු 167ක්ද ලබාගෙන තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්