නේටෝ සංවිධානය විසින් යුක්රේනය වෙත දිගු දුර අවි ලබා දුනහොත් තම රට සතුව ඇති පරමාණුක අවි යුක්රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.රුසියාවට පහරදීමට දිගු දුර අවි ලබා දෙන ලෙස ඉල්ලා යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙස්කින් විසින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්රමුඛ නේටෝ සංවිධානයෙන් කළ ඉල්ලීමට රුසියානු ජනාධිපතිවරයා එසේ ප්‍රතිචාර දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති කේයිර් ස්ටාමර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ රුසියානු ජනාධිපතිවරයාගේ තර්ජනය සැලකිය යුතු නැති බවයි.
|