රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ පාලනයට එරෙහිව එරට අතුරු හමුදා කණ්ඩායමක් වන බැග්නර් හමුදා කණ්ඩය සටන් කිරීම ආරම්භ කර ඇත.ඒ අනුව ඔවුන් යුක්රේනයට ආසන්න රුසියානු නගරයක් වන රස්ටොප් සිය පාලනය යටතට ගෙන තිබේ. එහි ආරක්ෂක ගොඩනැගිල්ල ද සිය පාලනය යටතට පත් කර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. මෙම තත්ත්වය මත මොස්කව් නුවරට සහ ජනාධිපතිවරයා රැදී සිටින ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.