කොරෝනා වසංගත සමයේදී හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොවිඩ් වෛරසය පරීක්ෂා කර බලන යන්ත්‍ර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පෞද්ගලික භාවිතය සඳහා රහසිගතව යවා ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට වෝටර් ගේට් අර්බුදය වාර්තා කළ වාර්තාකරුවකු වන බොබ් වුඩ්වර්ඩ් විසින් රචිත නවතම ග්රන්ථයෙහි සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ‘වෝ’ (යුද්ධය) යනුවෙන් නම් කර ඇති වුඩ්වර්ඩ් විසින් රචිත නවතම ග්‍රන්ථයේ එම සිදුවීම විග්රහ කර ඇත්තේ කොවිඩ් පරීක්ෂණ යන්ත්‍රවල අඩු සැපයුමක් පැවති කාලයේ හිටපු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් මෙසේ එම යන්ත්‍ර තොගයක් රුසියානු ජනාධිපතිවරයා වෙත යවා ඇති බවයි.
කෙසේ වුවද මෙම වාර්තාව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපති ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාද වූ පසුද රුසියානු ජනාධිපතිවරයා සමග රහසිගතව සබඳතා පැවැත්වූ බව අදාළ ග්‍රන්ථයේ සඳහන්ව ඇති අතර ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරය එම චෝදනාව ද ප්‍රතික්ෂේප කර තිබේ. වුඩ්වර්ඩ්ගේ ග්‍රන්ථයේ සඳහන් ව ඇති හිටපු ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධ සිද්ධීන් දෙකම සකස් කළ කථා වන බවත් ඒවා අසත්‍ය බවත් ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරය සඳහන් කර තිබේ.