පුතාගේ ආතතිය නැති කිරීමට අම්මා දුන් අපූරු බෙහෙතට හරස්කැපූ ලිපිකරුට ගුටිබැට

512

තම පුතාගේ පෙම්වතියට උපකාරක පංති ගුරුවරයා විසින් අවවාද කිරීම නිසා උරණවී උපකාරක පංතියේ ලිපිකරුවෙකුට අතින් පයින් හා හෙල්මටයකින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මවක හා පුතෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින්වු ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අම්බලන්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙකි.

පොලිසිය කියා සිටියේ සැකකාර පුතා ගාල්ල නගරයේ උපකාරක පංතියකට පැමිණෙන අතර ඔහු එම පංතියට පැමිණෙන ගැහැණු ළමයකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ගොඩ නගාගෙන අති අතර බොහෝ දිනවල ඔහු පෙම්වතිය තම නිවසට කැඳවාගෙන ගොස් ඇති බවය. ඔහුගේ මව එයට ආධාර අනුබල දී ඇති බවද පොලිසිය පැවසීය.

මේ අතර ඉකුත් 11 දා දිනයේද ඇය උපකාරක පංතියට යන බව පවසා නිවසින් පිටව ඇවිත් පෙම්වතා සමග ඔහුගේ නිවසට ගොස් උපකාරක පංතිය ඇරෙන වේලාවට පැමිණ උපකාරක පංතිය ඉදිරිපිට සිටිනු දුටු ලිපිකරුවා ඒ බව පංතිභාර ගුරුවරයාට දන්වා ඇත. පසුව ගුරුවරයා ඇය ගෙන්වා අවවාද කර ඇත.

මේ අතර ඇය මේ බව තම පෙම්වතාට දැන්වීමෙන් පසු උපකාරක පංතියට පැමිණි ඇයගේ පෙම්වතා සහ ඔහුගේ මව උපකාරක පංතියේ සිටි ලිපිකරුවාට අතින් පයින් සහ හෙල්මටයකින් පහරදී තුවාල සිදුකර තිබේ. තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිසිය සැකකාර මව සහ පුතා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී මව උස් හඬින් පවසා ඇත්තේ තම පුතාගේ වයස දහඅට සම්පුර්ණවී ඇති අතර පුතාගේ ආතතිය නැති කිරීමටත් පුතා පිස්සෙක් වනු දැකීමට අකමැති නිසාත් ගැහැනු ළමයා ගෙදරට ගෙන්වා ගැනීමට ඉඩදුන් අතර ඇය දූෂණයවී නැති බවය.

ගාල්ල පොලිසියේ විවිධ පැමිණි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් සුජීව මහතා සමග උප පොලිස් පරීක්ෂක ලියනගේ මහතා විසින් සැකකාරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වැඩිදුර නඩු විභාගය මැයි 24 වන දින දක්වා කල් තබන ලදී.

අහංගම – සුගගතපාල දීයගහගේ

advertistmentadvertistment