පුතා මියගිය දුකට – අම්මාගේත් හදවත නවතියි – දෙදෙනාගේම අවසන් කටයුතු අද

828

බිංගිරිය – ප්‍රසන්නගම කඳුළු කතාවක්:

තම වැඩිමහලු එකම පුතා හෘදයාබාධයකින් මියගිය පුවත ඇසූ වැඩිහිටි මවක් එසැනින් ළයපැලී මියගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බිංගිරිය – ප්‍රසන්නගමගම්මානයේ පදිංචිකරුවන් වන, 70 හැවිරිදි දෙදරු මවක වූ හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රා පියසීලි මාතාව හා ඇයගේ පුතකු වන කොස්ගොඩ ආරච්චිලාගේ ප්‍රසන්න සංජීව නමැති 45 හැවිරිදි දෙදරු පියෙකි. මියගොස් ඇති සංජීවට හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්වයක් මත පසුගිය 15 දා සවස හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර එදිනම ඔහු මියගොස් ඇත. මේ ශෝකජනක පණිවිඩය නිවසට දැනුම් දුන් අවස්ථාවේදී පපුව රිදෙන බව පවසමින් චන්ද්‍රා පියසීලි මාතාව බිම වාඩිවී ඇත. ඇය වහා රෝහල් ගත කළ ද පැය කීපයකට පසුව ඇය ද මියගොස් ඇත. මව් පුතු දෙපළගේ අවසන් කටයුතු අද (17 දා) සවස ප්‍රසන්නගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
බිංගිරිය සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment