ස්වාමියා අහිමිව, එකම පුතාත් බුදු සසුනට භාරදුන් මහ විලච්චියේ සමෘද්ධිලාභී දෙදරු මවකට සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් පසුගියදා (01දා) නිවසක් ලබා දුන්නේය.
මහ විලච්චිය ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ අංක 364 පේමඩුව, පලූගස්වැව ගම්මානයේ පදිංචි ආර්.පී.ඞී. ආරියවති මහත්මියගේ නිවාස සිහිනය ඒ අනුව සැබෑ විය. රුපියල් ලක්ෂ 06 ක වටිනාකමින් යුත් මෙම නිවස සදහා මුල් ගල් තැබීම සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැුකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහ විලච්චිය ප‍්‍රාදේශීය ලේකම් මන්ජරි සී. චන්ද්‍රදාස මහත්මිය, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බංදුල තිලකසිරි, අනුරාධපුර සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. වසන්ත ඇතු`එ රාජ්‍ය නිලධාරිහු සහ ගම් වැසියන් රැසක් සහභාගී වූහ.
මැදවච්චිය-ගයාන්