පුද්ගලයකුට අමානුෂික ලෙස පහරදුන් යාපනය රෝහලේ ආරක්ෂකයෝ දෙදෙනා අත්අඩංගුවට සේවයන් තහනම් කරයි

190

යාපනය ශික්ෂණ රෝහලට පැමිණි පුද්ගලයෙකුට බිම පෙරලාගෙන අමානුෂීය ලෙස පහරදීමේ සිද්ධියක් මත යාපනය ශික්ෂණ රෝහලේ සේවය කළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් 14 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා රෝගියෙකු බැලීම සඳහා දිවා ආහාරයද රැගෙන රෝහලට යාමට ගිය අවස්ථාවේදී ඔහු සතුව රෝගීන් බැලීමේ අවසර පත්‍රයක් නොමැති වීම මත ආරක්ෂක නිලධාරීන් ඔහුට අමානුෂීය ලෙස පහර දී තිබේ.

සිය පුතා රෝගියා ළඟ නේවාසිකව උවැටන් කරමින් සිටින නිසා අවසර පත්‍රය ඔහු ළඟ ඇති බවත් එය ඉතා ඉක්මනින් රැගෙන සිය පුතා තමන් ළඟට පැමිණෙන බව පහර කෑ පුද්ගලයා ප්‍රකාශ කොට ඇතත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඔහුට එක දිගටම පහර දී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කිරීමෙන් පසුව ඔහු පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහල හා උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු යාපනය ශික්ෂණ රෝහලේ සේවය කළ එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment