පුනරීන්හිදී බස් රථයක් පෙරළී 6කට බරපතළ තුවාල

136

පුනරීන් තම්බිරායි පාලම ආසන්නයේදී ඊයේ (21දා) අලුයම බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් 6 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මුලතිව් කෝවිලක පැවැති වාර්ෂික දේව මෙහෙයකට යාපනයේ සිට පෞද්ගලික බස් රථයකින් පැමිණ දේව මෙහෙය අවසන් වීමෙන් පසු නැවත යාපනය බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇතැයි පුනරීන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නුවන් ආසිරි මහතා ‘දිවයින’ ට පැවැසීය.

බස් රථය අධික වේගයෙන් ධාවනය කරන අවස්ථාවේ එහි රියැදුරුට එය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇතැයි හෙළි වූ බව පුනරීන් පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ දිනසේන රතුගමගේ


advertistmentadvertistment