පුනරුත්ථාපනයෙන්  පනින්න හැදූ  මත්ලෝලියාට ගහලා මරලා

70

මීගමුව දළුපොත පිහිටුවා ඇති ‘බෙටිස්ඩා’ නමැති මත්ලෝලීන් පුනරුත්ථාපනයට ලක්කරන පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මිදී පලා යෑමට තැත් කළ බව කියන 42 හැවිරිදි මත්ලෝලියකුට එම මධ්‍යස්ථානයේ රඳවා සිටින සෙසු මත්ලෝලීන් විසින් එක්ව කළ පහරදීමෙන් ඔහු ඝාතනයට ලක්ව ඇතැයි මීගමුව පොලිසිය 21 දා පැවසීය.

ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ මිරානියා වීදියේ අංක 181 දරණ ස්ථානයේ පදිංචිව සිටි අයෙකි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට සහ එම ඝාතනය සිදු වූ බව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් 21 දා මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය.

එහිදී මරණයට පත්වූ මත්ලෝලියාගේ අත් පා බැඳ දමා ඇති සලකුණු වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් නිරීක්‍ෂණ කරන ලදී.

ඝාතනයට යොදාගත් බවට සැකකරන ඇඳ ඇතිරිලි දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ. එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා එහි වෛi වාර්තාව අධිකරණය වෙත යොමු කිරීමට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛiවරයාට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. මීගමුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment