පුපුරන ද්‍රව්‍ය ඇද්ද කොටි නෞකා ප්‍රධානියාට කැනඩාවේ රැකවරණය

358

සී – 4 නමැති අධිබල පුපුරන ද්‍රව්‍ය කොටි සංවිධානයට ප්‍රවාහනය කළ කොටි ජාත්‍යන්තර නෞකා ජාලයේ ප්‍රධානි සංගිලි නමැත්තාට කැනඩා රජය දේශපාලන රැකවරණ ලබා දී ඇත.

වව්නියා අධිකරණය මොහුට වසර 30ක සිරදඬුවමක් දී තිබුණි. ඔහු අධිකරණයට භාර නොවී කැනඩාවට
පැනගොස් තිබිණි.

ශ්‍රී ලංකා පොලිසිය සංගිලිව ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස කැනඩා රජයෙන් කළ ඉල්ලීම කැනඩාව ප්‍රතික්‍ෂේප කර ඇත.

වන්නි මෙහෙයුම අවසානයේදී කොටි කඳවුරුවල තිබී සී. 4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 13,178ක් සොයාගැනීමට හමුදාවට හැකිවිය. සංගිලි කැනඩාවේ සැඟවී සිටින බව මුල්වරට හෙළිකළේ කැනඩාවේ මාධ්‍ය වේදිනියකි.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment