පුරප්පාඩු කරඇරීමෙන් සිසුන් 2941කට සරසවි වැහිලා

230

විශ්වවිද්‍යාල සඳහා 2020/2021 හා 2021/2022 අධ්‍යයන වර්ෂ දෙක සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවැති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් එම අධ්‍යයන වර්ෂ දෙකේ දී පමණක් සිසුන් 2941කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

2020/2021 අධ්‍යයන වර්ෂයේ දී විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පුරප්පාඩු 1857ක් පැවතුණි. 2021/2022 අධ්‍යයන වර්ෂයේ දී විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවැති පුරප්පාඩු සංඛ්‍යාව 1084කි.

පුරප්පාඩු ප්‍රමාණය අවම කර උපරිම වශයෙන් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා සැලසීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පුරප්පාඩු සඳහා සිසුන් අනුයුක්ත කළ ද එම සිසුන් ප්‍රවේශය භාර නොගැනීම මත පුරප්පාඩු ඇති වන බව ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද


advertistmentadvertistment