කලින් කරන ලද පුරෝකථනය අභිභවා යමින් මේ වසරේ (2024) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.4කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පවසයි.
ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවද කර්මාන්ත හා සංචාරක අංශ මගින් දැක්වූ දායකත්වය මුල්කර ගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම තීරණාත්මක, ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩනැඟී ඇති බවද ලෝක බැංකුව කියයි.
ලෝක බැංකුව විසින් ඊයේ (10දා) උදේ නිකුත් කරන ලද ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් වාර්තාවේ මේ බව දැක්වේ.
එම වාර්තාව මගින් රටේ සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම අවදානමට ලක්විය හැකි සීමාවක පවතින බවද සඳහන් කරයි.
මේ මොහොතේ ශ්‍රී ලංකාවට සිය අපනයන වර්ධනය කර ගැනීමට සැබෑ අවස්ථාවක් තිබෙන බවත් එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ලෙස ඇස්තමේන්තු කළ හැකි බවත් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා ඊයේ කොළඹ ලෝක බැංකු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ රිචර්ඩ් වෝකර් මහතා සහ ලෝක බැංකුවේ අර්ථශාස්ත්‍රඥ ශ්රුටි ලක්ටකියා මහත්මිය ද කතා කළහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත