පුවත්පත් කතුවරුන්ගෙන් සී.අයි.ඩිය ප‍්‍රශ්න කිරීමට යෑම අතිශය කනගාටුයි – ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම

270

විශ්වීය තොරතුරු දැනගැනීමේ සැමරුම් දිනයේම පුවත්පත් ආයතන කිහිපයකට රහස් පොලිසිය පැමිණීම පිළිබඳව මම ජනමාධ්‍ය ඇමැතිවරයා විදියට ඉතාමත් කනගාටු වෙනවා. පළමු වතාවට පුවත්පතක තිබූ කතුවැකියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ප‍්‍රධාන කතෘවරයා රහස් පොලිසියට කැඳවීම පිළිබඳව මගේ දැඩි විරෝධයත් මේ අවස්ථාවේ පළකරන්නට කැමැතියි. තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සමරන දිනයේම මෙය සිදුවීම ඉතාමත් කනගාටුවට කරුණක් යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙලෙස පැවසුවේ තොරතුරු සඳහා විශ්වීය ප‍්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කළ ‘‘තොරතුරු එන්නත සියලූ පුරවැසියන්ට සහතික කරමු’’ මැයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය ඇමැතිවරයා මෙසේද පැවැසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක වන සෑම රටකටම තොරතුරු දැනගැනීමේ හිමිකම ලබාදීම මූලික අයිතියක් බවට පත්වී තිබෙනවා. එම වැදගත්කම හේතු කරගෙන තමයි අද අපි මේ සමරන තොරතුරු සඳහා විශ්ව ප‍්‍රකාශනය බිහි වුණේ. ඒ නිසා මෙය සුරක්‍ෂිත කිරීම ප‍්‍රවර්ධනය කිරීම සහ නොනැවතී පවත්වාගෙන යෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සෑම පුරවැසියන්ටම පැවරෙන වගකීමක් සහ යුතුකමක් බවට පත්ව තිබෙනවා.

හිටපු කථානායක කරු ජයසූරිය මහතා

තොරතුරු කොමිසමේ සභාපතිවරයාගේ කාලය අවසන්වීමට ඇත්තේ කෙටි කාලයක්. මෙහි සභාපතිවරයා ලෙස පත්කළ යුත්තේ ස්වාධීන අපක්‍ෂපාතී පුද්ගලයෙක්. දේශපාලන කි‍්‍රයාකාරී පුද්ගලයන්ව මෙයට පත් කළ යුතු නැහැ. ඊට මාධ්‍ය ඇමැතිවරයාගේ සහාය අවශ්‍යයි.

තොරතුරු කොමිෂන් සභාව පසුගිය වසර 05 තුළ නිර්භීත හා ඓතිහාසික තීන්දු රැුසක් ගත්තා. යහපාලන රජය සමයේ මේ තෙරතුරු පනත හිමි වුණේ දේශපාලන මෙන්ම සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් රැුසකගේ උනන්දුව මත බව සිහිපත් කළ යුතුයි. ඊට පෙර අවස්ථා කිහිපයකදී මෙම පනන පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න හැදුවත් විවිධ හේතූන් නිසා මග හැරී  ගියා.

මේ පනත ශක්තිමත් වීම නිසා එදා මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන වඩාත් කි‍්‍රයාකාරී වූ ආකාරය දක්නට ලැබුණා. රාජ්‍ය ආයතන පවා එදා ඒ ගැන අවධානයකින් කටයුතු කළා. නිල ඇඳුම් ඇඳපු නිලධාරියාගේ සිට සාමාන්‍ය ජනතාවට පවා මේ පනත භාවිත කිරීමේ හැකියාව තිබීම මෙහි තිබූ විශේෂත්වයක් බවද කරු ජයසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම විවිධ අවස්ථාවල තොරතුරු දැන ගැනීමට තොරතුරු කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා සිටියත් ඒවායේ පිළිතුරු ලැබීමේ ප‍්‍රමාදයෙන් බොහෝ දෙවල් මඟහැරී යනවා. තමන් මඩකලපුව වැලි ජාවාරම පිළිබඳ තොරතුරු කොමිසමෙන් ඉල්ලා මාස අටක් පමණ ගතවී තිබෙනවා. ඔවුන් කියන ආකාරයට කටයුතු කරන විට ඒ ක‍්‍රමවේදය තුළ යනවිට මේ වැලි ජාවාරමෙන් සිදුවිය හැකි පරිසර හානිය සිදුවී අවසන්.

තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා

තොරතුරු අයිති මහජනතාවටයි. සමහර නිලධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා කි‍්‍රයාත්මක වෙනහැටි කියා දෙන්නේත්, නිලධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල අයිති මහජනතාවටයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරුණාරත්න පරණවිතාන මහතා

මේ වනවිට රට තුළ දත්ත මගඩියක් ගැන කථා බහක් ඇතිවී තිබෙනවා. තාක්‍ෂණික වශයෙන් තොරතුරු වලට හානි පමුණුවන්න මේ වනවිට සමහරුන් උත්සාහ කරමින් ඉන්නවා. පොදු අධිකාරී සතු තොරතුරු තාක්‍ෂණිකව විනාශ කිරීමටත් සඟවා තැබීමටත් විකෘති කිරීමටත් යම් යම් පිරිස් උත්සාහ ගනිමින් සිටිනවා. මෙම අභියෝගයට මුහුණදීම සඳහා තොරතුරු පනත වඩාත් බලාත්මක විය යුතුයි.

නෙළුම්යාය පදනමේ විධායක අධ්‍යක්‍ෂිකා නීතිඥ රාදිකා ගුණරත්න, ට‍්‍රන්ෆේ‍්‍රරන්ස් ඉන්ටර්නැෂල්හි විධායක අධ්‍යක්‍ෂිකා නීතිඥ නදීශානි පෙරේරා යන මහත්මීහුද මෙම හමුවේදී අදහස් දැක්වූහ.

මත්තල – දිලීප් එන්. ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment