පෙට්‍රල් ටැංකිය අරන් පාපැදියේ පැමිණි දෙදරු පියා ජීවිතක්ෂයට

442

පෙට්‍රල් පෝලිමේ 19 වැනි මරණයත් වාර්තා වෙයි

හලාවත ලංකා අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි පුද්ගලයකු ඊයේ (14 දා) නැවත නිවෙස බලා යමින් සිටියදී හිසියේ රෝගාතුර වී ඇදවැටී මියගොස් ඇතැයි හලාවත මූලස්ථාන පොලිසිය පවසයි.

පෝලිමේ සිටියදී මියගිය 19 වැනි මරණය ලෙස මෙය සටහන් වේ.

හලාවත කුරුණෑගල පාරේ මුන්නේශ්වරම් මාර්ගයේ කානුවක වැටී සිටියදී ඔහුගේ සිරුර හමුවූ බව පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ හලාවත, රඹේපිටිය පදිංචිව සිටි ප්‍රසන්න ප්‍රනාන්දු නමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මියගිය අය යතුරුපැදියේ ටැංකිය පාපැදියක තබාගෙන ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ තිබේ. බොහෝ වේලාවක් රැඳී සිටි ඔහු පසුව ආපසු හැරී නිවෙස බලා යන්නට පටන් ගෙන ඇත.

මියගිය අයගේ සිරුර තිබූ ස්ථානය අසල ඔහුගේ පාපැදිය තිබී හමුවූ බව පොලිසිය පවසයි.

මේ පිළිබඳව හලාවත මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ මහවැව – අමරනන්ද විජේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment