පෙට්‍රල් පෝලිමේ සිටි බල්ලා මිනී මරයි

373


පානදුර පෙට්‍රල් පෝලිමක නිදා සිටියදී සුනඛයකු සපාකෑ බවට සැකකරන පුද්ගලයෙකු මාසයකට පසු රෝහල් ගත වීමෙන් පසු අද (22) අලුයම මියගොස් ඇතැයි පානදුර මූලික රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

පානදුර ල දිබ්බැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු නමැති 41 හැවිරිදි විවාහකයකු මෙලෙස මියගොස් තිබේ.

මියගොස් ඇති තැනැත්තා ඊයේ (21) රෝහල් ගතවීමේදී සුනඛයෙකු සපා කෑ බවක් සඳහන් කර නොමැති නමුත් ඔහුගේ මුහුනේ සැක සහිත තුවාල දක්නට ලැබෙන බවත්’ රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.
ඔහු පෙට්‍රල් ලබාගැනීම සදහා ඉකුත් ජුලි 17 දා’ රාත්‍රි පානදුර ඉන්ධන පෝලිමක රැදී සිටියදී පානදුර මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය ආසන්නයේ ඇද ඇතිරිල්ලක් පොරවාගෙන නිදා සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි’ පොලිසිය සදහන් කරයි.
එහිදී’ සුනඛයකු ඇද ඇතිරිල්ල ඇදගෙන ගොස් ඇති අතර ඔහුගේ මුහුන ආශ්‍රිතව දක්නට ලැබෙන තුවාල’ ඒ මොහොතේ සිදුවන්නට ඇති බවට සැක පලකරන බවද’ සෞඛ්‍ය අංශ සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment