පෙට්‍රල් හොරාට එවලේම කරුමෙ පළිසන් දීලා

574

මුලතිව් පුදුකුඩිඉරිප්පු වල්ලුවාර් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකින් රාත්‍රී කාලයේ හොර රහසේ පෙට්‍රල් අදිමින් සිටි තරුණයකු යතුරුපැදිය එක්වරම ගිනි ගැනීම නිසා ඇති වූ ගින්නකින් පිළිස්සී 10 දා රෝහල් ගත කොට තිබේ.

යතුරුපැදියට ගිනි ඇවිලී සැකකරුද ගින්නට හසු වී පිළිස්සීමෙන් පසුව ඔහු දිව ගොස් වල්ලුවාර් ගම්මානයේ පාලු නිවසක සැඟ වී ඇත.

යතුරු පැදිය ගිනි ගැනීම නිසා එම ස්ථානයට පැමිණි අසල්වැසියෝ ඒ අවට ප්‍රදේශය සෝදීසි කිරීමෙන් පසුව සැඟවී සිටි සැකකාර තරුණයා සොයාගෙන රෝහල් ගත කොට තිබේ. මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ

ගිනිගෙන හානියට පත් යතුරුපැදිය පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් ඇති අතර රෝහල් ගතව සිටින තරුණයාද අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් පෙට්‍රල් ඇදීමට ගොස් සිටි තරුණයා වයස අවුරුදු 17ක අයෙකු වන අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment