පෙට‍්‍රල් හිඟය සහ හද පිරි ශෝකය

1411

ක‍්‍රි. ව. 1859 දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ වාසය කළ කර්නල් Edwin Drek නමැති බිස්නස්කාරයා කළු වහලූන් පිරිසක් ඉස්සර කරගෙන විත් මහ පොළවේ තිබූ ගලක් විද්දේය. මේ ගල විදගෙන, විදගෙන යටට යන විට තාර තරම් උකු නැති එහෙත් තාර වගේ පෙනුමැති දියරයක් මතු විය. මේ දියරය පොළව මතුපිටට විද්දේ මල් වෙඩිල්ලක් මෙනි. මෙවිට එඞ්වින් ඞ්රෙක් එම දියර දහරාවට පත්තු කළ ගිනි කූරක් වීසි කළේය. දියර දහරාව සැනෙකින් ගිනිගත් අතර විශාල මල් වෙඩිල්ලක් මෙන් දිගටම පත්තු විය. එඞ්වින් ඞ්රෙක් එදා ගොඩගන්නේ ලෝකයේ පළමුවන අමු තෙල් උල්පතයි. පසු කාලයේදී පෙට‍්‍රල්, ඞීසල්, දැවි තෙල්, භූමිතෙල්, ගුවන් යානා තෙල්, තාර, ග්ලිසරින් යන සියල්ලම නිපදවා ගැනීමට මූලික වන අමුද්‍රව්‍ය වූ ක්‍රමාැ ධසක හෙවත් බොරතෙල් පිළිබඳ කතාන්දරය පටන්ගන්නේ මෙතැනිනි. එදා එඞ්වින් ඞ්රෙක් අමු තෙල් සොයා නොගන්නට පෙට‍්‍රල් ගණන් යන යන පාරට මේ රටේ ආණ්ඩුව බැණුම් අහන්නේ නැත. ඉන්ධන හිඟය නිසා පෙට‍්‍රල් ෂෙඞ් ඉදිරිපිට දිග පෝලිම් හටගන්නේ ද නැත. ඕනෑ තරම් තෙල් තොග තමන් සතුව ඇති බව ආණ්ඩුව සහතික කර කියද්දීත් ඊයෙත් පෙරේදාත් මේ රටේ ජනයා පෙට‍්‍රල් ෂෙඞ් ඉදිරිපිට කරණම් ගසන්නට පටන් ගත්තේ ලෝකයේ අවසාන තෙල් ලීටරය ලබා ගැනීමට මෙනි. මිනිසුන් තුළ මේ සැකය හටගත්තේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුව දින 50 ට වසා දැමීමත් සමගය. සපුගස්කන්දේ තෙල් පිරිපහදුව අවුරුදු 51 ක් පරණ භාණ්ඩයකි. එය ආණ්ඩුවට සමානය. මන්ද යත් හිතන තරම් ඵල ප‍්‍රයෝජන එයින් ලබා ගැනීමට නොහැක. මේ පිරිපහදුව පරණ ලදරමක් වූ බැවින් මේ රටේ පෙට‍්‍රල් අවශ්‍යතාවයෙන් 14 % ට වඩා එයින් නිපදවා ගැනීමට නොහැක. එසේම ඞීසල් අවශ්‍යතාවයෙන් 29% ට වඩා එමගින් හදාගත නොහැක. මේ නිසා රටේ අවශ්‍යතාවය වන ඉතිරි පෙට‍්‍රල් 86% ම පිරිපහදු කළ ඍැ්ාහ එද මිැ පෙට‍්‍රල් ලෙස සිංගප්පූරුවේ තෙල් වෙළෙන්දන්ගෙන් මිලට ගැනීමට සිදුවේ. එසේම රටේ සමස්ත ඞීසල් අවශ්‍යතාවයෙන් 71% ක් ද පිටරටින් ගෙන්විය යුතුය. ලංකාවේ ඉන්ධන පරිභෝජනය මසකට ඩොලර් මිලියන 350 ක් වැයවන වැඩකි. මේ අනුව තවදුරටත් අපට ඩොලර් නැති නිසා අමු තෙල් ණයට දීමට කිසිදු රටක් ඉදිරිපත් වන්නේ නැත. ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක තෙල් ණයට දෙන බව කියමින් ඕමානය පසුගිය දා කයිවාරු ගැසුවේය. ඒ සමගම අනූනව අවුරුද්දට බදු දීමට තිබෙන කොළඹ පිහිටි ආණ්ඩුවේ ප‍්‍රයිම් ලෑන්ඞ් දෙකක් බදු ගැනීමට කැමති බව ද ඕමානය කීවේය. එහෙත් අදටත් ඕමානය අපට ණයට තෙල් දීලාත් නැත; ආණ්ඩුවේ බදු ඉඩම් දෙකට සල්ලි ආයෝජනය කරලාත් නැත. මෙවැනි ජාත්‍යන්තර

 කයිවාරුකාරයන්ගෙන් ලෝකය පිරී ඉතිරී යන යුගයක් අප ඉදිරිපිට තිබේ. මුළු ලෝකයම ඛනිජ තෙල් අර්බුදයකින් වැසී යමින් පවතී. තෙල් නැති නිසා මුළුමහත් ලෙබනන් රාජ්‍යයම පසුගිය දවස් හයක් ගන අන්ධකාරයේ ගිලී ගියේය. ඒ රටේ ජල විදුලිය හෝ විදුලිය ජනනය කරන න්‍යෂ්ටික බලාගාර නැත. ඒ නිසා මුළු ලෙබනනයේම ලයිට් පත්තු වෙන්නේත් කර්මාන්ත ශාලාවල මෙෂින් දුවන්නේත් ඞීසල්වලිනි. තෙල් හිඟය නිසා අදටත් චීනයේ ප‍්‍රාන්ත තුනක් අඳුරේ පවතී. තවත් ප‍්‍රාන්ත 11 ක් වැඩ කරන්නේ සතියකට දින තුනක් පමණි. බි‍්‍රතාන්‍යයේ ද පෙට‍්‍රල් හිඟයක් පවතී. නවදිල්ලියේ ද ඉන්ධන හිඟයක් පවතින අතර එම ප‍්‍රාන්තයට විදුලිය සපයන ගල් අඟුරු බලාගාරවලට ගල් අඟුරු නොලැබුණොත් තවත් දෙසතියකට පසු මුළුමහත් නවදිල්ලියම ගන අන්ධකාරයේ ගිලී යනවා ඇත.

 ලෝක ආර්ථික අර්බුදය හටගත්තේ කොරෝනා නිසා නොව විවිධ රටවල නිෂ්පාදන ක‍්‍රියාවලියේත් ඉල්ලූමේ හා සැපයුමේත් හටගත් අඩුපාඩු නිසාය. මේ කාරණා නිසා ලෝක ආර්ථිකය වැටීගෙන එන විට කොරෝනා පැමිණ එතැනට සෙට් විය. මේ නිසා ලෝක දේශපාලනයේ අසමත්කම් වසා ගැනීමට කොරෝනා වෛරසය දිව්‍ය රාජයකු බඳුව පිහිට විය. ලංකාවට සිදුව තිබුණේත් මෙයමයි. කොරෝනාව එන විට අපේ රටේ ආර්ථිකය ක‍්‍රමානුකූල ලෙස අඤ්ඤකොරොස් භාවයට පත්වෙමින් තිබිණ. කොරෝනාව පැමිණ එතැනට සෙට් විය. ඒ සමගම රට වසා දමන ලද බැවින් ආර්ථික අර්බුදය ඩබල් විය. මේ රටේ සාමාන්‍ය ජනතාවට ඩොලර් හිඟය, ලෝක ආර්ථික අවපාතය, ගෝලීය උද්ධමනය වැනි ආර්ථික විද්‍යා පාඩම්වලින් වැඩක් නැත. ජනතාවට අවශ්‍ය වන්නේ තුන්වේල කා බී ගමන් බිමන් ගොස් වර්ගයා බෝ කිරීමේ කාර්යයට ද දායක වී නින්දට යෑමටය.

 ඉකුත් දින දෙක තුන තුළ හටගෙන අද දක්වා තිබෙන තෙල් තදබදය කෘත‍්‍රීම එකකි. සපුගස්කන්දේ තෙල් පිරිපහදුව දවස් පනහකට වසා දැමීමත් සමගම රස්සාව වශයෙන් වෘත්තීය සමිති වැඩකරන පල් හොරු දැන් ඉතිං තෙල් හිඟයක් එන්නේ යැයි කියමින්

 කලබැගෑනියක් ඇති කරන්නට වූහ. මෙය මහජනතාවට ඉතා තදින් බලපෑවේය. ඒ අනුව වෙනදා මෝටර් සයිකලයට තෙල් ලීටරයක් ගහගෙන ගමන් බිමන් යන එකා වහාම පෙට‍්‍රල් ෂෙඞ් එකට ගොස් ෆුල් ටෑන්ක් ගහන්නට පටන් ගත්තේය. වෙනදා රුපියල් සීයක පෙට‍්‍රල් ගැසූ ත‍්‍රීවීල් රියදුරා ද ෆුල් ටෑන්ක් ගහගත්තේය. මේ දිනවල හැම මෝටර් රථයක්ම හැම ලොරියක්ම ෆුල් ටෑන්ක් මානසිකත්වය යටතේ පෙට‍්‍රල් ෂෙඞ්වලින් ගනුදෙනු කරති. මෙවිට පෙට‍්‍රල් ෂෙඞ්වල තියෙන තෙල් වාෂ්ප වී යයි. මෙය සරල උදාහරණයකට පරිවර්තනය කරමු. කඬේක සීනි කිලෝ 25 තිබේ. මේ අතර ළඟදීම රටේ සීනි හිඟයක් ඇතිවන බව කිසියම් කට හැකරයෙක් කියයි. එම ආරංචියෙන් කලබලයට පත්වන

 පාරිභෝගිකයෙක් කඬේට දිවගොස් සීනි කිලෝ 25 ම මිලට ගනී. ඒ අනුව ගැනුම්කරුවා තාවකාලිකව සීනිවලින් ස්වයං පෝෂණය වන අතර කඩකාරයා සීනි හිඟයකට මූණ දෙයි. ඒ කඬේට සීනි හොයාගෙන එන සෙසු අය සීනි හිඟයක් ඇති බවට කතාවක් සන්නිවේදනය කරති. මෙවිට ඒ ප‍්‍රදේශයේ තිබෙන කඩවල ඇති සියලූ සීනි තොග වහා විකිණෙයි. ඒ අතර තවත් කඩකාරයන් පිරිසක් තමන් සතු සීනි තොග හංගති. මෙහිදී ‘සීනි කළු කඩයක්’ නිර්මාණය වී සීනි මිල කෘත‍්‍රීමව නගී. ඛනිජ තෙල් හිඟය සම්බන්ධයෙන් මේ රටේ පවත්නා අස්ථාවර තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුවට කොන්ද පණ නැත. ආණ්ඩුව අසීමිත ලෙස මේ ආකාරයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීමට ගියොත් තව අවුරුදු දෙකකින් ජනාධිපතිතුමාට පවා නිල රථය ලෙස පාවිච්චි කිරීමට සිදුවන්නේ බර කරත්තයකි. ඒ ගැන අපේ හදපිරි ශෝකය මෙසේ සටහන් කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment