පෙම්වතා 17 හැවිරිදි පෙම්වතියට මහමගදී අතවර කරලා

223

සමාජ මාධ්‍ය (මුහුණ පොත) හරහා හඳුනාගත් අවුරුදු 17 යි මාස 10ක් වයසැති පෙම්වතිය දූෂණය කළ පෙම්වතකු ඉකුත් 17 වැනිදා බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය මීට මාසයකට පමණ ඉහතදී සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් බඩල්කුඹුර පාසල පාර අලුපොත මුස්ලිම් ගම්මානයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

16 වැනිදා පෙම්වතිය මිතුරියකගේ නිවසට ගොස් සිටියදී පෙම්වතා හමුවී ඇත. ඉන් පසුව ඇය ගෙදරට ඇරලවන බව පවසා ත්‍රීරෝද රථයට නංවා ගෙන යමින් සිටියදී බුත්තල මාර්ගයේ තේක්ක කැලය අසලදී ත්‍රීරෝද රථය නවතා ත්‍රීරෝද රථය තුළදීම බලහත්කාරයෙන් ඇය දූෂණය කර තිබේ. සිද්ධිය පිළිබඳව මවට සහ පියාට දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. සැකකාර තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බුත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක


advertistmentadvertistment