* පෙරඹර – සංවර නොවූ සංචරණය හා තැබෑරුම් ආර්ථිකය

111

කොවිඞ් – 19 ගෝලීය වසංගතය පාලනය කිරීමට ලෝකය පුරා ප‍්‍රධාන ලෙසම ක‍්‍රියාත්මක කෙරෙන උපක‍්‍රම (Strategy) කිහිපයකි. ඒවා නම්, දුරස්ථභාවය, ශ්වසන ස්වස්ථතාවය, විෂබීජහරණය, මුව ආවරණ පැළඳීම, සංචරණය සීමා කිරීම හා එන්නත්කරණයයි.

 ශ‍්‍රී ලංකාව තුළද මෙම වසංගතය පාලනය කිරීම සඳහා ඉහත උපක‍්‍රම සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමත්, ඒ තුළින් ජනතාව හා රට වසංගතයෙන් ගලවා ගැනීමත් අපගේ මූලික අරමුණ විය. එම උපක‍්‍රම ක‍්‍රියාත්මක කරවීම සඳහා රජයට උපදෙස් දීමත්, සෞඛ්‍ය අංශය සූදානම් කිරීමත්, ජනතාව ඒ අනුව කටයුතු කරවීමට පෙළඹවීමත් අප සතු අභියෝගයන් විය. එහිදී අප සංගමයක් ලෙස රජයේ පාර්ශ්වයෙන් හා ජනතාවගේ පාර්ශ්වයෙන් සිදුවන අතපසුවීම් නිවැරදි කරවමින් සෞඛ්‍ය ධාරිතාව අනික් පාර්ශ්වවලද සහයෙන් උපරිම ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කළෙමු. මෙම ක‍්‍රියාවලියේදි සමස්ත රටම දැඩි සංචරණ සීමාවකට නතු කළ යුතු බවට පළමු රැුල්ල අවස්ථාවේදී අපි දැඩිව කියා සිටි අතර ඉන් පසු එම සංචරණ සීමා ලිහිල් කරන අයුරු, (Exit Strategy) පරීක්ෂණ සිදු කරන අයුරු, (Testing Strategy) එන්නත්කරණය කළ යුතු අයුරු (Vaccination Strategy) මෙන්ම රට සීමිත සංචරණ සීමා යටතේ වසංගතය පාලනය කරමින් නව සාමාන්‍යකරණය  (New Normalcy)  යටතේ පවත්වාගෙන යන අයුරුද පෙන්වා දුන්නද එය රට තුළ ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක නොවීම දෙවන, තෙවන හා සිව් වන රැුලි වලට හේතුව බව අපි තරයේ විශ්වාස කරමු.

 පළමු රැුල්ලේ සිටම විවිධාකාරයේ සංචරණ සීමා රට තුළ පැන වී තිබුණි. එය උත්සව හා රැුස්වීම් අවලංගු කිරීම, පාසල් වසා දැමීම, පළාත්/දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පැනවීම, ප‍්‍රාදේශීය සංචරණ සීමා හෝ සමස්ත රට වසා දමන නිරෝධායන ඇඳිරීනීතිය වැනි උපක‍්‍රම වේ.

 සංචරණ සීමා පැනවීමේ බලාපොරොත්තුව රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමත්, එන්නත්කරණය සඳහා කාලය ලබා ගැනීමත්, අවශ්‍ය පමණට පරීක්ෂණ කිරීමත්, සෞඛ්‍ය සේවයේ ධාරිතාව කළමනාකරණය කිරීමත්, සංකූලතා සහ මරණ අවම මට්ටමකට ගෙන ඒමත්ය. එමෙන්ම සංචරණ සීමා පැනවීමේදී රටේ ආර්ථිකය පවත්වා ගැනීමටත්, ජන ජීවිතය හැකි උපරිම ආකාරයට නව සාමාන්‍යකරණය යටතේ පවත්වා ගැනීමටත් අත්‍යවශ්‍ය වන්නේය. ඒ එසේ නොවුණහොත් සංචරණ සීමා කඩකිරීමට හෝ පිළිනොපැදීමට ජනතාව පෙළඹවෙන බැවිනි. එබැවින් සංචරණ සීමා පවත්වාගෙන යන හැම අවස්ථාවකම ඉහත කරුණ සඳහාද ප‍්‍රායෝගිකව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව අපි පිළිගනිමු. එමෙන්ම සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ උපරිම ලෙස පරීක්ෂණ සිදු කරමින් රෝගීන් හඳුනා ගැනීම, සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කර ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම මෙන්ම උපරිම එන්නත්කරණ ආවරණයක් ලබා දීමට කටයුතු කිරීමත් අත්‍යවශ්‍යව තිබුණි. එම ක‍්‍රියාදාමයන් තුළින් අපි රටක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා ඇති බව කිව යුතු අතර සිදු වූ තීරණ ගැනීමේ යම් යම් ප‍්‍රමාදයන් නිසා අපි අහිතකර ඵලවිපාක වලට මුහුණ දුන් බවද දක්නට තිබුණි.

 සංචරණ සීමා පවත්වාගෙන යෑමේදී පළමු රැුල්ලේ සිටම අප දුටු ප‍්‍රධාන අඩුපාඩු කිහිපයකි. එනම්, සංචරණ සීමා නීති, දේශපාලන බල පුළුවන්කාරකම් මත, හිතවත්කම් මත තීරණය වීම. (ඊට හොඳම උදාහරණය සංචරණ සීමා පවතින කාල සීමාවක වතුකරයේ දේශපාලනඥයෙකුගේ අවමංගල උත්සවය පැවැත්වුණු අයුරුත් විවිධ දේශපාලන පක්ෂ උද්ඝෝෂණ පැවැත්වීමත් පෙන්වාදිය හැකිය) එමෙන්ම රටේ සියලූම දේශපාලන පක්ෂ සංචරණ සීමා කෙසේ වෙතත් තමන්ගේ බලය වැඩි කර ගැනීම සඳහා රැුස්වීම් පෙළපාලි, සැණකෙලි, උද්ඝෝෂණ, සංචරණ සීමා තුට්ටුවකට මායිම් නොකරමින් අඛණ්ඩව කරගෙන යනු දක්නට ලැබුණි. මෙහිදී සාමාන්‍ය ජනතාවද තමන්ට අනුකූල වූ දේශපාලන ක‍්‍රියාවලිය දෙස අවධානය යොමු කළා මිස වසංගතය මැඬපවත්වා ගැනීම සඳහා ක‍්‍රියාකාරි දායකත්වයක් හා සංචරණ සීමා බිඳීමට විරෝධයක් දක්වනු දක්නට නොලැබිණි. සෑම සංචරණ නීති කඩ කිරීමක්ම සිදු කරන අයගේ දේශපාලන මතවාදය දෙස අවධානය යොමු කළා මිස ඔවුන් සමස්ත කොවිඞ් මර්දනයට සිදු කරන අගතිගාමි බලපෑම දෙස බලනු දක්නට නොලැබිණි. එමෙන්ම සංචරණ සීමා පනවන හැම අවස්ථාවකම ජනතාවගේ දායකත්වයද 50‍්‍ර කට ආසන්න ප‍්‍රමාණයකට පහළ බැස තිබේ. නමුත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන මොහොතක සෞඛ්‍ය අවශ්‍යතාව 75‍්‍ර – 90‍්‍ර ත් අතර සංචරණය කළමනාකරණය කිරීමකි. මේ ආකාරයේ සංවරයකින් තොර සංචරණය, නිසා දෙවන, තෙවන හා සිව්වැනි රැුලි බරපතළ වූ බව පැහැදිලිවම කිව හැක. ඊට රජයත් ජනතාවත් එක ලෙස වගකිව යුතුය. රටේ ජනතාව වගකීමෙන් තොරව කටයුතු කිරීමේදී එවැනි රටක රජයක වගකීම් සහගත බව කෙසේ විශ්වාසය තැබිය හැකිද. මෙම සමස්ත සංචරණ සීමා බිඳවැටීම නිසා අපහසුතාවට හා අධෛර්යට පත්වන්නේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සේවය කරන පිරිස්, කොවිඞ් මර්දනයේ සඵල දායකත්වයක් දෙන පිරිස් හා නිරෝධායන නීති වලට අනුව ජීවත්වන ජනතාවය. එය මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් (Public Health Emergency)  වන ගෝලීය වසංගතයක් පාලනය කිරීමේදී ඉතා අවාසිදායක ලෙස බලපානු ඇත.

 සංචරණ සීමා පවතින කාලයක ද සුරාසල් විවෘත කිරීමට කවුරුන් හෝ තීරණය කර ඇත. එම තීරණය රටේ ආර්ථිකය පවත්වා ගැනීමට යැයි ද කියනු ඇසේ. රටේ ජනතාවට අරක්කු නොදී, රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නට බැරි බව කියනවා නම්, එය 1948 සිට මේ වනතෙක් රට පාලනය කළ සියලූ දෙනාගේම ආසාර්ථක භාවය මැනවින් කියාපාන්නකි. අරක්කු පොවා ප‍්‍රතිශක්තිකරණය හීන කර, එන්නත්කරණය කර ප‍්‍රතිශක්තිකරණය වැඩි කිරීමට ගන්නා උත්සාහය හාස්‍යජනක වන අතර එම ආර්ථික න්‍යායේ පදනම කවුරුන් හෝ රටට පැහැදිලි කළ යුතුව ඇත. මත්පැන් තුළින් පවුල් සංස්ථාවට, විශේෂයෙන්ම නිවෙස් වලට කොටු වී සිටින දරුවන්ගේ මානසිකත්වයට සිදු කරන විනාශකාරී බලපෑම සංචරණ සීමා ඇති අවස්ථාවකදී ඉතා උග‍්‍ර වන බව කිවයුතුමය. එමෙන්ම ඉදිරි රැුල්ලක ආරම්භය බාර් පොකුරු හරහා සිදු වුවහොත් එය අරුමයක් නොවනු ඇත.

 සමස්තයක් ලෙස ගත් කල සංචරණය සීමා කරමින්, එන්නත්කරණය සම්පූර්ණ කරමින් රට නව සාමාන්‍යකරණයක් යටතේ ක‍්‍රියාත්මක විය යුතුව ඇත. ඒ සඳහා මග පෙන්වීමටත්, නායකත්වය දීමටත් සෞඛ්‍ය අංශ ලෙස අප සූදානම්ය. රජයත්, රටේ ජනතාවත් එම සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ කටයුතු කරන්නේ නම් වසංගතය පාලනය කර රටට වසංගතයක් ගෙන ඒමට අපට හැකි බව අප ආත්ම විශ්වාසයෙන් යුතුව පවසමු.

 සෞඛ්‍ය පුරුදු වලට සංවර වී ඔබත් සුරැකි, රටත් සුරකිනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

*  පෙරඹර - සංවර නොවූ  සංචරණය හා  තැබෑරුම් ආර්ථිකය


වෛද්‍ය නවීන්ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment