මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පෑනෙන් ලියැවී ගායන ශිල්පිණී නන්දා මාලිනියන්ගේ සුමධුර හ`ඩින් ගැයුන ”පවන’’ ගීතාවලියේ ඇති එක් ගීතයක කොටසක කුමට නීතිය සහ විනිසුරන් යනුවෙන් ප‍්‍රශ්න කෙරේ. මෙයට වසර 32 කට එහා අතීතයේ ලියැවුන සහ දැන් ඉ`දහිටවත් නොඇසෙන එම අරුත්බර ගීතය අපට මේ හදිසියේ නැවත මතක් වන්නේ කාරණා කිහිපයක් මුල්කර ගනිමිනි. පළමු කාරණය වන්නේ පේරාදෙණිය විශ්වද්‍යාලයේ උපකුලපතිවරයා සිය අපකීර්තිමත් සය වසරක පාලනය අවසන් කර එළැඹෙන 31 වන දින සිට සුවසේ විශ‍්‍රාම යෑමට නියමිතව තිබෙන්නේ තමන් කරන ලද කිසිදු අපරාධයකට ද`ඩුවම් නොලද තැනැත්තකු ලෙස වීමයි. දෙවැනි කාරණය එම උපකුලපතිවරයා විසින් අසාධාරණ ලෙස රැකියාව අහිමිකිරීම හේතුකොටගෙන පීඩාවට පත් සේවකයකු විසින් ඔහුගේ විශ‍්‍රාම යෑමට දින කිහිපයකට පෙර එනම් පසුගිය 05 වන ස`දුදා දින උපකුලපති කාර්යාල පරිශ‍්‍රයේදී උපකුලපතිවරයාට පිහියකින් ඇණීමට තැත්කරන ලදැයි කියන සිදුවීමකි. වැදගත්ම කාරණය වන්නේ සිය විශ‍්‍රාම යෑමේ මුවවිට සිටිමින් වුවත් ඔහු බියක් සැකක් නොමැතිව මෙරට පොදු නීති පද්ධතිය මෙන්ම සදාචාරයේ සීමාවන්ද සාහසික ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටීමයි. කුමක් කළත් තමනට එරෙහිව මෙරට නීතිය ක‍්‍රියාත්මක නොවන බව ඔහු සහසුද්දෙන් දනී. ලිපියේ ප‍්‍රස්තූතය ලෙස අප ඉහත පදපෙළ උපුටා දැක්වූයේ එබැවිනි.
* උපකුලති ඝාතන තැතේ ඇත්ත, නැත්ත ?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි අයෙක් පසුගිය 07 වන බදාදා උපකුලපතිවරයා හමුවීමට පැමිණෙන්නේ ඔහුගේ රැකියාව අහිමිකිරීම පිළිබ`දව සහනයක් ලබාගැනීම පිණිස උපකුලපතිවරයා සමග සාකච්ඡා කිරීමටය. උපකුලපතිවරයා හමුවීම ස`දහා ඔහුගේ කාර්යාලයේ දොර අසලට යන ඔහුට උපකුලපතිවරයා කාර්යාලය තුළ සිටින බව දැනගන්නට ලැබෙන නමුත් කාර්යාල කාර්ය සහායකයා ඔහුට ඇතුළට යෑමට ඉඩ ලබාදී නැත. මේ සම්බන්ධයෙන් ආවේගාත්මක වචන හුවමාරුවක් සිදුවන අතර උපකුලපතිවරයා කාර්යාලයේ දොරවල් අගුළු දමාගෙන වහා සිය අන්තේවාසික ආරක්‍ෂක අංශ නිලධාරීන් කැ`දවා තිබේ. ඉන් අනතුරුව එම ස්ථානයට කඩාවදින 10 දෙනකුගෙන් පමණ සමන්විත ආරක්‍ෂක අංශ නිලධාරීන් පිරිසක් මෙම පුද්ගලයා බිම දමා පාගමින්, පහරදී, කුදලාගෙන පේරාදෙණිය පොලිසියට ගෙන ගොස් භාරදී ඇත්තේ මහා අපරාධකාරයකු සේය. ඉන් පසුව මෙම වින්දිතයා සිරගත කිරීමේ සැලසුමක් මෙන්ම මානසික රෝගියෙකු ලෙස හුවා දැක්වීමේ සැලසුමක්ද උපකුලපතිවරයා ඇතුළු පිරිස විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඒ අතර උපකුලපති ඝාතන තැතක් පිළිබ`ද කථාවක් ප‍්‍රසිද්ධියට පත්කරමින් ජනතා අනුකම්පාව දිනා ගැනීමටද උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ. අපට මේ සම්බන්ධයෙන් කාරණා දෙකක් මෙහි සටහන් කිරීමට අවශ්‍යය. පළමු කරුණ වන්නේ අභූත චෝදනා න`ගා සිය රැකියාව අහිමිකර, දරුපවුල පාරට ඇද දැමූ මිනිසකුගේ මානසික තත්ත්වය අමුතුවෙන් පරීක්‍ෂා කිරීමට අවශ්‍ය නැත. පුදුමය වන්නේ එවැනි අසාධාරණයකට මුහුණදෙන මිනිසකුට පිස්සු නොහැදුනොත්ය. දෙවැනි කාරණය උත්ප‍්‍රාසය දනවයි. අපේ දැනුමට අනුව මෙම සිදුවීමෙහි සැබෑ අපරාධකාරයා එළියේ සිටින අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ සිදුවීමෙහි සැබෑ වින්දිතයාය.
* සේවකයන් දොට්ට දමමින් උපකුලපති දියණිය කාර්යමණ්ඩලයට බ`දවාගනී
පේරාදෙණිය උපකුලපතිවරයාගේ විනෝදාංශය මිනිසුන්ගේ බඩට ගැසීම බව පෙනෙන්නට තිබේ. 2015 වසරේ ඔහු බලයට පත්වීමෙන් පසුව අනීතික සහ අයුක්තිසහගත ලෙස සේවයෙන් දොට්ට දමන ලද පිරිස 10 දෙනකුට නොඅඩු වන අතර එයින් පාරට ඇද දමන ලද දරු පවුල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන් විශාල පිරිසක් සිටී. තම දෙමව්පියන් පොලිසිවල උසාවිවල රස්තියාදු වෙමින් යුක්තිය ඉල්ලා අරගල කරන විට ආදායම් මාර්ග අහිමිකරන ලද පවුල්වල අසරණ දරු පැටවුන් සිය අධ්‍යාපනය කඩා වැටීමට නොදී පවත්වා ගැනීමට මහත් දුෂ්කර ක‍්‍රියාවක් කරති. මේ අතර උපකුලපතිවරයා පාරම්බාන්නේ ”පුළුවන්නම් නඩු කියල ගොඩ වරෙල්ලා’’ යනුවෙනි. මෙරටේ නඩු කියා ගොඩ යෑම ලෙහෙසි පුතෙයෙකුට කළ හැක්කක් නොවන බව ඔහු හොඳින් දනී. කෙසේ වෙතත් අහිංසක දරු පවුල් පාරට ඇද දමන අතර සිය දියණිය හොර පාරෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට ඔහු කටයුතු කරන්නේ සිය උපකුලපති ධූරයේ බලතල අවභාවිතා කරමිනි. අප මෙසේ කියූ විට මෙම බ`දවා ගැනීමේ නීතිමය දෝෂයක් නොමැති බවට කෙස් පැලෙන තර්ක විශ්වවිද්‍යාල පාර්ශ්වයෙන් ඉදිරිපත්වීමට ඉඩ තිබේ. ඔව් එසේ විය හැකිය. එසේ වන නමුත් එම කටයුත්ත කිසිසේත්ම සදාචාරාත්මක නොවන බව නම් සටහන් කර තැබිය යුතුය.
* විගණන නිර්දේශ නොතකා ආරක්‍ෂක අංශයේ හෙංචයියන්ට උසස්වීම්
විශ‍්‍රාම යෑමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති උපකුලපතිවරයා තමනට අවනත නොවන පුද්ගලයන්ගේ ජීවිත අප ඉහත දක්වන ලද ආකාරයෙන් වනසා දමන අතරතුරම තම හෙංචයියන්ට නම් අත දිගහැර සැලකීමට පසුබට නොවන බව පෙනෙන්නට තිබේ. එවැනි කාරණාවලදී පසුගිය සය වසරක කාලය පුරාම සිදුකළ පරිදි මේ රටේ ක‍්‍රියාත්මක කිසිදු නීතියක් රීතියක් ඔහු මායිම් කරන්නේ නැත. ඒ බව සනාථ වන්නේ විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශයේ හෙංචයියන් දෙදෙනකුට පසුගිය 02 වැනි සිකුරාදා දින හදිසියේ තමන්ගේ තනි අභිමතය පරිදි උසස්වීම් දෙකක් ප‍්‍රධානය කිරීමට උපකුලපතිවරයා විසින් කටයුතු කිරීම නිසාවෙනි.
මෙම උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්‍ෂණය 2020-12-16 වන දින පවත්වා ඇති අතර ඒ හා සම්බන්ධ අක‍්‍රමිකතා රාශියක් පිළිබ`දව අනාවරණය කර ගන්නා අභ්‍යන්තර විගණන අංශය 2021-02-23 වන දිනැතිව උපකුලපතිවරයා අමතන ලිපියක් මගින් මේ සම්බන්ධ දැනුවත් කරමින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇත. එහි පළමු නිර්දේශයේ ස`දහන් වන්නේ මෙලෙසිනි.
”ඉහත ස`දහන් කරුණු අනුව මෙම බ`දවා ගැනීම අවලංගු කර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා චක‍්‍රලේඛ, නීති රීති හා රෙගුලාසිවලට අනුගත වෙමින් නැවත බ`දවා ගැනීමට කටයුතු සිදුකළ යුතු බවට නිර්දේශ කෙරේ.’’
මෙම නිර්දේශය මගින් කරුණු දෙකක් අවධාරණය කරන බව පෙනී යයි. එනම් මෙම බ`දවා ගැනීමේ ක‍්‍රියාවලිය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ චක‍්‍රලේඛ, නීති රීති හා රෙගුලාසිවලට ඉ`දුරාම පටහැනි බවත් එනිසාම එය අවලංගු කළ යුතු බවත්ය.
මේ හා සමගාමීව මෙම බ`දවා ගැනීමට වෘත්තීය සමිති මගින්ද විරෝධතා දැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අදාළ පත්වීම් ලබාදීම අත්හිටුවා තිබුණි. ඒ අනුව මාස 6 කට ආසන්න කාලයක් අත්හිටුවා තිබුන පත්වීම් පසුගිය 02 වන දින රහසේම ලබාදීමට උපකුලපතිවරයා කටයුතු කර ඇත්තේ එම අක‍්‍රමිකතා නිවැරදි කිරීමකින් තොරවය. ඔවුන් දෙදෙනාට යුතුකම් ඉටු නොකොට විශ‍්‍රාම යෑමට නොහැකි තරම් බැඳීමක් ඔවුන් අතර තිබෙන බව බොහෝ දෙනා දනී. ඒ පිළිබ`දව පසුවට හෙළිදරව් කරණු ලැබේ) කෙසේ වෙතත් උපකුලපතිවරයාගේ පෞද්ගලික බූදලයක් නොවන විශ්ව විද්‍යාලයේ සේවක උසස්වීම් සම්බන්ධයෙන් ඔහුට එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැත. ඒ අනුව මෙම නිර්දේශ නොසලකා හරිමින් කටයුතු කිරීම තුළින් ඔප්පු වන්නේ උපකුලපතිවරයා පැහැදිලිවම බ`දවා ගැනීමේ පටිපාටීන් නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන බවයි. විශ්වාසදායක තොරතුරුවලින් දැනගන්නට තිබෙන ආකාරයට මෙම නීති විරෝධී බ`දවා ගැනීම් සම්බන්ධයෙන් උපකුලපතිවරයාගේ රූකඩ නොවන පාලක සභා සාමාජිකයන් කිහිපදෙනකුම සිය විරෝධතාවය පළකර ඇති අතර ඒ පිළිබ`ද උසස් අධ්‍යාපන ඇමැතිවරයා දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.
මෙම උසස්වීමට අදාළ එක් පුද්ගලයකු වන උපකුලපතිවරයාගේ ”වෘත්තීය සමිති සුරතලා’’ ලෙස සැලකෙන අතර ඔහුට මෙම උසස් වීම ලබාදෙන්නේ පසුගිය කාලය පුරා වෘත්තීය සටන් පාවා දෙමින් ඔහු කළ ”හොරිකඩ’’ (මෙම වදන ලේඛකයාගේ නොව වෘත්තීය සමිති නිර්වචනයකින් ලබාගත් උපුටනයක් බව සැලකුව මනාය) සේවයට ලැබෙන සන්තෝසමක් ලෙස බව ප‍්‍රසිද්ධ රහසකි. එසේම මෙම පුද්ගලයා පසුගිය රැස්වීම් වාරයකදී වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බවත් ඒ හේතුවෙන් එකී කමිටුවේ ලේකම් ධූරයෙන් නෙරපා හැර ඇති බවත් දැනගන්නට ඇත. ‘වෙනත් උදාහරණ කුමකටද? සමන් ලියනගේ නැමැති අයගේ විනයගරුක බව සහ හැදියාව එම කාරණය තුළින්ම පැහැදිලි නොවන්නේද. ඔහු කටයුතු කරන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවා ගැනීමේ පටු අරමුණින් බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට වැටහී යා යුතුය. එසේම මෙම පුද්ගලයා විනය පරීක්‍ෂණයකින් වරදකරු කරන ලදුව වැඩ තහනම් කිරීමට නිර්දේශ කරන ලද පුද්ගලයකුද වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පසුගිය මැයි 30 වන දින ‘ඉරිදා දිවයින’ පුවත්පතින් අප හෙළිදරව් කර ඇත.
උසස් වීම ලබාදුන් අනෙක් තැනැත්තියගේ තනතුර සම්බන්ධයෙන්ද බරපතළ ගැටලූ පවතී. වැඩබලන ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරිවරයාගේ සිතැ`ගි සපුරාලන සමීප හිතවතියක ලෙස කටයුතු කරන ඇය වෙනුවෙන්ම නීතිවිරෝධී ලෙසට බ`දවා ගැනීමේ මූලික සුදුසුකම් පවා සංශෝධනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ඇය පත්කර ඇත්තේ අනුමත සේවක සංඛ්‍යාවෙහි (Approved carder) නොමැති තනතුරක් වෙනුවෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආරක්‍ෂක අංශයේ මේ වන විට සිටින්නේ කාන්තා ආරක්‍ෂක නියාමකවරියන් දෙදෙනෙක් පමණක් වන හෙයින් ඇයට අධික්‍ෂණය කිරීමට ප‍්‍රමාණවත් පහළ නිලධාරීන් පිරිසක් නොමැති වීමද උසස්වීම ලබාදීමට පෙර සලකා බැලිය යුතු ගැටලූවක් ලෙස පැවතුනි. එසේම කාන්තාවක් වන ඇය පිරිමි ආරක්‍ෂක නියාමකයන් අධීක්‍ෂණය ස`දහා රාත‍්‍රී සේවා මුරයන්හී යොදවන්නේ කෙසේද යන්න උසස්වීම ලබාදීමට පෙර සලකා බැලිය යුතුව තිබුණි. එසේ වන නමුදු කිසිදු සන්නද්ධ සේවා පළපුරුද්දක් නොමැතිව, උපකුලපතිවරයාගේ සට්ටැඹිකම් කිරීම පමණක් සුදුසුකම කොටගෙන සිටින, සාමාන්‍ය පෙළද අසමත් වැඩබලන ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරිවරයාට එවැන්නක් සිතීමටවත් හැකියාවක් තිබෙන්නට ඉඩක් නැත.
මේ සම්බන්ධයෙන් සොයාබැලීමක් කර, වරද නිවැරදි කරමින් සුදුස්සන්ට සාධාරණය ඉටුකරලීම අගෝස්තු පළමු වැනිදා වැඩ අරඹන නව උපකුලපතිවරයාගේ වගකීමක් බව අපි අවධාරණය කර සිටිමු.
* උපකුලපති නිරෝධායන නීති කඩයි
දුගී ජනතාවට හාල් කිලෝවක් මිලට ගැනීමටවත් අසල පිහිටි වෙළෙ`දසලට යෑමට නොහැකි වන ලෙසට දැඩි සංචරණ සීමා පනවන ලද කාල සීමාවේදී 100 දෙනකුට ආසන්න පිරිසක් කැ`දවමින් විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වීමට පසුගිය මැයි 31 වන දින උපකුලපතිවරයා කටයුතු කර ඇත්තේ මෙරට ක‍්‍රියාත්මක සංචරණ සීමා මෙන්ම සෞඛ්‍ය නීති රීතීන්ද ඔහුට වලංගු නොවන නිසා බව පෙනෙන්නට තිබේ. දැඩි සංචරණ සීමා ක‍්‍රියාත්මක වූ මැයි 31 දින පෙරවරු 10.00ට ගොඩනැ`ගිල්ල විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණි. මේ ස`දහා උපකුලපති උපුල් දිසානායක, වැඩබලන ලේඛකාධිකාරී ජයන්තා ධර්මසිරි, වැඩබලන මූල්‍යාධිකාරී යූ. ඩබ්. රාජ්මාල්, වැඩබලන ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත්, වැඩබලන ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරී ඩිනාල් රත්නායක සහ සමන් ලියනගේ ඇතුළු විශ්වවිද්‍යාලයේ සේවකයන් 100 කට ආසන්න පිරිසක් සහභාගි වී සිටිනු දකින්නට ලැබුණි. සිය අපකීර්තිමත් පාලනයේ අවසන් දින කිහිපය ගත කරමින් සිටින උපකුලපතිවරයා ඉදිරි දේශපාලන ආගමනයේ ප‍්‍රචාරක ව්‍යාපාරය කල් තබාම ආරම්භ කර ඇති බව පෙන්නුම් කරමින් එය සිය පුරාජේරුව කියා පෑමේ අවස්ථාවක් කරගනු දකින්නට ලැබුණි. කෙසේ වෙතත් උපකුලපතිවරයාගේ මෙම අවකල් ක‍්‍රියාව අපට සිහිගන්වන්නේ රෝමය ගිනිගන්නා විට වීණා වාදනය කරමින් සිටි නීරෝ ගේ කථාන්දර මිස අන් යමක් නොවේ. මෙවැනි නිරෝධායන මධ්‍යස්ථානයක් කල් පසුවී හෝ ආරම්භ කරලීම විශ්වවිද්‍යාල සේවකයන්ගේ පැත්තෙන් ගත් විට ඉතා සාධනීය කටයුත්තක් බවට ඇත්තකි. ඒ සම්බන්ධයෙන් ප‍්‍රසාදය පළකරන අතරම අප විරෝධය දක්වන්නේ එම අවස්ථාව දඩමීමා කරගනිමින් රැස්වීම්වල කථා පැවැත්වීමට ඇති තම දොලදුක සංසි`දවා ගැනීමට උපකුලපතිවරයා දරන පහත් උත්සාහයටය. ඒ අනුව වසංගත තත්ත්වය තුළ උපන්දින සාද පැවැත්වීමේ චන්දිමාල් ජයසිංහගේ විකාර සහගත ආශාවත් උපුල් දිසානායක උපකුලපතිවරයාගේ කථා පැවැත්වීමට ඇති කෑදරකමත් අතර වැඩි වෙනසක් අපට නම් පෙනෙන්නේ නැත. එසේ නම් චන්දිමාල්ට ක‍්‍රියාත්මක නීතිය දිසානායකටත් පොදු බව ශ‍්‍රී ලංකා පොලිසිය ක‍්‍රියාවෙන් පෙන්නුම් කිරීම අවශ්‍ය වේ.
* නීතියට සරදම් කරයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපතිපතිවරයා සිය වෘත්තීය ජීවිතය විනාශ කිරීම පිණිස උපකුලපතිවරයාගේ අනුග‍්‍රහය හා ආශීර්වාදය සහිතව දියත්ව ඇති පහත්පෙළේ පළිගැනීමේ ක‍්‍රියාදාමයට එරෙහිව අධිකරණයේ පිහිට පතන්නේ ගැටලූව අවසන් කර ගැනීම ස`දහා ඉන් මෙපිට වන සියලූ ආකාරයේ අතරමැදි ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවය. ඒ අනුව 2021 අපේ‍්‍රල් 01 වන දින අදාළ අනීතික සහ අගතිගාමී ක‍්‍රියාමාර්ග අත්හිටුවන ලෙස සහ තවත් සහන ගණනාවක් ඉල්ලා සිටිමින් අභියාචනාධිකරණය වෙත රීට් පෙත්සමක් ගොනුකරනු ලබන අතර එහි අංකය CA (Wrti)164/2021 වේ. මෙම පෙත්සම අපේ‍්‍රල් 3 වන දින පළමුවරට කැ`දවෙන අතර මේ වන විටත් විභාග වෙමින් පවතී. අධිකරණයේ විභාගයට ගැනෙන කරුණකට අදාළව කිසිදු ඉදිරි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම මෙරටේ සාමාන්‍ය සම්ප‍්‍රදාය වන අතර ඊට අනුකූලව උපරිමාධිකරණවල විනිශ්චයට යටත් කරුණක් පිළිබ`දව මෙරට උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවේදීවත් සාකච්ඡාවට ගැනෙන්නේ නැත. එසේ නමුත් පේරාදෙණිය උපකුලපතිවරයාහට මෙරට නීතිය අදාළ නොවන බව යළිත් වරක් සනාථ කරමින් මහාචාර්යවරයාට අදාළ පරීක්‍ෂණ ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ක‍්‍රියාවට නැ`ගීමට ඔහු කටයුතු කරමින් සිටී. ඒ අනුව පසුගිය අපේ‍්‍රල් 5 වන දින පැවැති අංක 504 දරන පාලක සභා රැස්වීම් වාරයේදීත් ජුනි 28 වන දින පැවැති අංක 505 දරන පාලක සභා රැස්වීම් වාරයේදීත් මේ පිළිබ`දව සාකච්ඡාවට ගැනෙන අතර 505 වැනි පාලක සභා රැස්වීම්වාරයේදී මහාචාර්යවරයාට එරෙහිව විනය පරීක්‍ෂණයක් කරණු පිණිස තිදෙනකුගෙන් යුක්ත විමර්ශන මණ්ඩලයක් පත් කිරීමටද කටයුතු කරයි. මෙමගින් උපකුලපතිවරයා ඇතුළු පාලක සභාව සිදුකරනුයේ අධිකරණයට අපහාස කිරීමක් බව පෙනෙන්නට තිබේ. කනගාටුවට කරුණ උපකුලපතිවරයාට නීතිමය උපදෙස් දීමට බැඳී සිටින විශ්වවිද්‍යාලයේ (අ) නීති නිලධාරිනියවත් පාලක සභාවේ සාමාජිකයන් වන උගත් නීතිඥ මහත්වරුන්වත් මෙම දෝෂසහගත තත්ත්වය උපකුලපතිවරයාට පෙන්වා නොදීමය.
– විමුක්ති වීදියබණ්ඩාර