පේරාදෙණිය නීති සිසුවා දුම්රියට බිලි

368

ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබා ගෙන හැන්ඩ් ෆ්‍රී උපකරණ පැළඳ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකු දුම්රියේ ගැටී මියගොස් ඇත. ඔහු වාද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

මෙම සිසුවා පෙරේදා (01දා) පස්වරු 2.20 ට පමණ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගොස් ඇත. පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් සිටිය දී මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන් කරන දුම්රියේ ගැටී තිබෙන බව පේරාදෙණිය පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ තිසල් කිත්සර නමැති සිසුවෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාල ආරංචිමාර්ග පවසයි.

මෙම සිදුවීම සම්බන්ධව පේරාදෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

සමන්ති වීරසේකර සහ ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment