පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුහු ගේට්ටු කඩාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වෙති

375

ඉල්ලීම් කීපයක් මුල්කරගෙන විරෝධතාවයක නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් පිරිසක් ඊයේ (06 දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගේට්ටු ද කඩාගෙන ඇතුළුවීමත් සමඟ එම පරිශ‍්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

මෙහිදී සිසුන් හා පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුහු ගේට්ටු කඩාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වෙති

මෙහිදී ඇති වූ ගැටුම් හේතුවෙන් සිසුන් තිදෙනකු තුවාල ලැබූහ.

මෙම විරෝධතාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබ්ණි.

‘‘පාලකයිනි, නිදහස් අධ්‍යාපනයෙන් නඩත්තු වන විශ්වවිද්‍යාල තුළ සම සෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍ය බඳවාගැනීම් ඉහළ දමනු’’, ‘‘රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකසනු’’ ඇතුළු විවිධ වැකි සහිත පුවරු අතැතිව එම සිසුහු විරෝධතාවේ නිරත වූහ.

ඉන් අනතුරුව ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළුවීමට උත්සාහ දැරීමත් සමඟ පොලිසිය රැුකවල් යොදා එය වැළැක්වීමට උත්සාහ ගත්ත ද 500 කට අධික සිසු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගේට්ටු ද කඩාගෙන එම පරිශ‍්‍රය තුළට ඇතුළු වූහ.

මෙහිදී පොලිසිය බැටන් පොලූවලින් පහරදීම නිසා සිසුන් තිදෙනකු තුවාල ලැබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ‘දිවයින’ ට පැවසීය.

කෙසේ වෙතත් උණුසුම් තත්ත්වය හමුවේ එම සිසුන්ගෙන් කීපදෙනකුට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හමුවීමට අවස්ථාව හිමි වූ බවත්, ඔහු අද (07 දා)  අධ්‍යාපන බලධාරීන් ද කැඳවා ඔවුන් සමඟ සාකච්ඡුා කර නිශ්චිත පිළිතුරක් ලබාදෙන බව පැවසීමත් සමඟ විරෝධතාව තාවකාලිකව අවසන් කළ බව ද හෙතෙම කීය.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්,ඡුායාරූප – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment