මන්නාරමේ පේසාලේ මුහුදු වෙරළේ සඟවා තිබූ රුපියල් කෝටි හතහමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 189 ක් නාවික හමුදාව විසින් 07 දා සොයාගෙන තිබේ.
නාවික හමුදාව විසින් පේසාලේ ප්‍රදේශයේ සිදුකළ සෝදීසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය හමු වී ඇති අතර නිලධාරීන් එම ප්‍රදේශය එන බව දුටු කේරළ ගංජාවල අයිතිකරුවන් පලා යන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කරයි.
එම කෙරළ ගංජා තොගය නාවික හමුදාව විසින් ඉදිරි පරීක්ෂණ සිදු කිරීම පිණිස පේසාලේ පොලිසිය වෙත බාරදී ඇති අතර පොලිසිය එම කේරළ ගංජා තොගයේ අයිතිකරුවන් සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
නාවික හමුදාව ප්‍රකාශ කලේ 2024 වසරේ ගත වූ කාලය ඇතුළත උතුරු ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1242 ක ප්‍රමාණයක් සහ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
දිනසේන රතුගමගේ