පේ‍්‍රමලාල් ජයසේකරගේ අභියාචනයේ අවසන් තීන්දුව දෙන දිනය පවසයි

166


පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නියමකර ඇති මරණ දඩුවමෙන් නිදහස්කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනයේ තීන්දුව මාර්තු මස 31 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද ප‍්‍රකාශ කළේය.නිශ්ශංක බන්දුල කරුණාරත්ත සහ ආර් ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුමඩුුල්ල හමුවේ මෙම අභියාචනය විභාගයට ගැනිණි.2015 වසරේදී පැවැති ජනාධිපතිවරණ සමයේ කහවත්තේ පැවැති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැුලියකදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතණය කිරීම සහ තවත් දෙදෙනෙකුට තුවාල කිරීම සම්බන්ධ චෝදනා මත රත්නපුර මහාධිකරණය මගින් ඔවුනට මරණ දඩුවම් නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment