බාප්පලගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙන ආවට පස්සෙ එයාට හිටගෙනවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ. කිහිප සැරයක් එයාට වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද ගියේ නෑ. තාත්තා
? 2.00ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා. අපට නිදාගන්නවත් නෑ කෙඳිරිගානවා කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. මමයි, අම්මයි, ලොකු අක්කයි, නංගියි සේරම පොඩි අක්කා එක්ක මහ? එළියට ගියා… යැයි පියාගේ හා බාප්පාගේ පහරදීමකින් පසුව මියගියා යැයි සැකකරන 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර දැරිවියගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයේදී ඇගේ නැඟණිය වන දොළොස් හැවිරිදි පවනි නෙත්මිණි බණ්ඩාර දියණිය සාක්ෂි දෙමින් පැවසුවාය.
ගම්පොල මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා විසින් මියගිය නුවන්තිකා බණ්ඩාර දැරියගේ නිවසට ගොස් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්විය.
ගම්පොළ මවුන් ටෙන්පල් ජනපදයේ පදිංචි නුවන්තිකා දැරිය ගම්පොළ ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ 9 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය.
පසුගිය 13 දින ගම්පොල, අංගම්මන පිහිටි බාප්පාගේ නිවස වෙත ගොස් ඇති නුවන්තිකා මෙම 19 වැනි දින යළි නිවස වෙත රැුගෙන විත් තිබුණි.
නුවන්තිකා බාප්පාගේ නිවසට ගොස් සිටියදී බාප්පාගේ දියණිය හා නුවන්තිකා එම ප‍්‍රදේශයේ තරුණයකු සමග පේර කැඞීමට ගොස් සිටියදී එය දැක ඇති යම් කෙනකු ඒ බව බාප්පට දැන්වීමෙන් පසු ඔහු දියණියන් දෙදෙනාම කැඳවා අවවාද කොට පහරදී ඇති බව හෙළිවී තිබුණි.
ගම්පොළ – සුරංග දිල්හාන්