පොඩි මිනිස්සුන්ගේ ලොකු සාදයක් – තරග රැසයි තෑගි ගොඩයි

515

අනුකම්පාව එපා: ආදරය දෙන්න
සභාපති දර්ශනී නානායක්කාර
මිහිමත් සමුළුව දෙහිවලදී

මෙරට සිටින දස දහසක් පමණ වන කුඩා මිනිසුන් සහ අවාසි සහගත ප්‍රජාව වෙනුවෙන් බිහි වූ කුඩා මිනිසුන්ගේ සංවිධානය (ලිට්ල් පීපල්ස් ඇසෝසියේන්) පැවැත්වූ පස්වැනි සුහද හමුව පසුගිය දා දෙහිවලදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

පොඩි මිනිස්සුන්ගේ ලොකු සාදයක් - තරග රැසයි තෑගි ගොඩයි

අනුරාධපුර, වැලිමඩ, මාතර, හම්බන්තොට, රත්නපුර, සූරියවැව, තඹුත්තේගම, තලාව, ඌරු බොක්ක, බදුල්ල බණ්ඩාරවෙල, තංගල්ල ඇතුළු දිවයින පුරා විසිරී සිටි පුංචි මිනිස්සු විශාල පිරිසක් මෙම සුවිශේෂී සමුළුව සඳහා සහභාගී වූහ.

එම වැඩසටහනේ එක් අංගයක් වූයේ තරග රැසක් පැවැත්වීමයි. ඒ යටතේ සංගීත පුටු තරගය, බැලු‍ම් පිපිරීමේ තරගය ,හොඳම හිනාව ,මැජික් දර්ශන ආදී තරග ද වුණි. දක්ෂතා ඉදිරිපත් කළ සියලු‍ දෙනාට ත්‍යාග ලබාදීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව ඔවුන්ගේ නර්තන, ගායන, වාදන ,නිවේදන දක්ෂතා ඇතුළත් අපූරු රස වින්දන වැඩසටහනක් ද පැවැත්වුණි.

මෙහිදී ඔවුන් සමග සතුට, විනෝදය බෙදා හදා ගැනීම සඳහා නළු ජීවන් හඳුන්නෙත්ති, අනිල් නානායක්කාර කුමාරි දිසානායක, ව්‍යාපාරික අතුල රත්නවීර, ඉන්දු මැණිකේ , සුමනදාස යන ආරාධිතයෝ රැසක් ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ කුඩා මිනිසුන්ගේ සංවිධානයේ සභාපති දර්ශනී නානායක්කාර මහත්මිය මෙසේ කීවාය.

මිහිමත් මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ කාගෙවත් අනුකම්පාව නොවෙයි. ආදරයයි. අපේ උගත්කමට වටිනාකමක හැකියාවට රැකියාවක් ලැබෙනවා නම් අපිත් සාමාන්‍යකරණය වෙනවා. නමුත් අපි මානසිකව වැටුණු අවස්ථා බොහොමයි. ආයි මේ අය කාටවත් එහෙම වෙන්නේ දෙන්නේ නැහැ. එළඹෙන වසරේ අපි ජාතික මට්ටමේ විවිධ ප්‍රසංගයක් සංවිධානය කරනවා. එහි මූලික කටයුතු අද දින අපි සැලසුම් කරනවා.

මිහිමත් සංවිධානයේ ලේකම් ජනේෂ් චන්දිමාල් මහතා කියා සිටියේ තම සංගමය හැම විටම සිදු කරන්නේ සැඟවී සිටින මිහිමත් ප්‍රජාව සොයමින් යාම බවත්, ඔවුන් සමාජගත කර ඔවුන්ගේ හැකියාවන් තුළින් රටට වැඩදායී පුරවැසියන් බවට පත් කිරීම බවත්ය. එසේම කුඩා මිනිසුන්ගේ මෙම සංවිධානය තුළින් ඔවුන් මුහුණපාන ගැටලු අවම කර ගැනීම සඳහා සංවිධානාත්මකව පෙනී සිටීමද සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සමස්ත වැඩසටහන සඳහා සියලු‍ බර පැන දැරුවේ සභාපති දර්ශනී නානායක්කාර සහ ඇගේ ස්වාමිපුරුෂයා වන ව්‍යාපාරික අතුල රත්නවීරගේ පුද්ගලික වියදමින් වීම විශේෂයෙන් අගය කළ යුතුය.
අඟු‍රුවාතොට මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment