පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ පොතුහැර වදාකඩ ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කර තිබේ. බෝසත් ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් මෙම ව්‍යාජ දළදා මාලිගාව ඉදිකර තිබුණු බව පසුගිය දිනවල බොහෝ මාධ්‍යයන්හි වාර්තා පලවුණි. ඊයේ ( 07 ) හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එම ස්ථානයට පැමිණි පසු අද දිනයේ ( 08 ) එම ඉදිකිරීම ඉවත් කරන බව අදාළ පුද්ගලයා දැනුම් දී තිබිණි.
|